අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී රුපියල් 3.00 බැගින් ලාභාංශ ගෙවීමට යයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී (ABAN.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.00 බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.
මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සමාගම සඳහන් කරයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 22 වැනිදා ප්‍රකාශයට පත් කෙරී තිබේ. ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස සැප්තැම්බර් 30 වැනිදා නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ යෝජනාව සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍යව ඇති බවත්, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වෙන බවත් අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.
ඊයේ දිනයේ (30දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 160.00ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා දිනයේදී කොටසක අගය වූ රුපියල් 162.50ට සාපේක්ෂව රුපියල් 2.50ක් එනම් -1.54%ක පසු බැසීමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 166