JAT Holdings (Pvt) Ltd නිල වශයෙන් JAT Holdings PLC වෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ තීන්ත සහ ආලේපන නිෂ්පාදන සමාගමක් වන JAT Holdings (Pvt) Ltd සමාගම මින් ඉදිරියට JAT Holdings PLC ලෙස හැඳින්වෙන බව එම සමාගම පවසයි.

සමාගම විසින් පසුගියදා කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ලද මූලික කොටස් නිකුතුවෙන් අනතුරුව එහි ලැයිස්තුගතවීමත් සමගින්ම පොදු සීමිත සමාගමක් බවට (PLC – Public Limited Company) පත්වීමත් සමගින්ම මෙම නම් වෙනස් කිරීම සිදුව තිබේ.

මෙහිදී සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළ සහතිකය පසුගිය අගෝස්තු 18 වැනිදා නිකුත් කර තිබේ. ව්‍යාපාර ලියාපදිංචි අංක PQ 00237072 යටතේ JAT Holdings PLC ලියාපදිංචි වී ඇත.

පසුගිය ජූලි 20 වැනිදා JAT Holdings PLC සිය මූලික මහජන කොටස් නිකුතුව සිදු කළ අතර, අද වනවිට එය JAT.N.0000 කේතය යටතේ කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතව සිටියි.

ඒ අනුව මූලික කොටස් නිකුතුවෙන් මාසයකට පසුව එම සමාගම මෙලෙස JAT Holdings PLC බවට සිය නම වෙනස් කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සමාගම් ලියාපදිං කිරීමේ දෙපර්තමේන්තු කාර්යාලය වෙත පිවිසීම සීමා කිරීම නිසා මෙතෙක් මෙම නම් වෙනස් කිරීමේ සහතිකය තමන් වෙත ලබා ගැනීමට නොහැකි වූ බවත්,  ඉදිරියේදී එය ලැබුණු විගස කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කරන බවත් JAT Holdings PLC සමාගම වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Views: 141