HNB අභියෝග දැන නැවතත් ශක්තිමත් සහ ස්ථාවර මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව (HNB PLC) කොවිඞ් වසංගතය හේතුවෙන් ඇති කරන ලද අස්ථාවර තත්වයන් හමුවේ සිය ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරමින් පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 10.9ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 9.1ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත් වී ඇතැයි පවසයි.

මේ අතර HNB සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 12ක් හා රුපියල් බිලියන 9.8ක් ලෙස වර්ධනය වී තිබීම කැපී පෙනේ. 

බැංකුවේ ණය කළඹ 2021 ජුනි මාසය දක්වා ගත වූ මාස 12 පුරාවට 8.6%ක වර්ධනයක් වාර්තා කළේය. එසේ තිබියදීත්, එම කාලය තුළ AWPLR අගය පදනම් ලක්ෂ 280කට වඩා අඩු වීම හේතුවෙන් පළමු අර්ධය සඳහා පොළී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 10.6%කින් අඩු වී රුපියල් බිලියන 48.1ක් බවට පත් විය.

ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් පොළිය (CASA) අතර වෙනස මනාව කළමනාකරණය කර ගැනීම නිසා 2020 වසරට සාපේක්ෂව ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් පොළී අනුපාතයෙහි පදනම් අගය 27.1%ක වර්ධනයට ඉවහල් වී ඇති අතර එය 2021 ජුනි අවසන් වන විට රුපියල් බිලියන 405.5ක් දක්වා වැඩි වී ඇත.

අවම තැන්පතු අනුපාත හා මෙම වර්ධනය සමඟින් පසුගිය වසරට සාපේක්ෂව පොළී වියදම් ඒකක 20.4%කින් අඩු වී රුපියල් බිලියන 25ක් බවට පත්ව ඇත. ඒ අනුව 2021 පළමු අර්ධය සඳහා ශුද්ධ පොළී ආදායම (NII) පසුගිය වසරට සාපේක්ෂව 3.2%කින් වර්ධනය වී රුපියල් බිලියන 23.2ක් විය.          

ව්‍යාපාරවලට සැලකිය යුතු අභියෝග එල්ල කළ කාලපරිච්ෙඡ්දයක ගාස්තු සහ කොමිස් ආදායම 2021 දී එහි අඛණ්ඩව ඉහළ යාමක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 4.4ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය 2020 සලකා බලනු ලැබූ අදාල මාස හය සැලකීමේදී 27.7%ක වර්ධනයකි. ඩිජිටල් බැංකුකරණ සේවා ගාස්තු ද සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතරතුර ක්‍රෙඩිට් කාඞ්පත් ගනුදෙනු හා වෙළෙඳාම් ද මෙම වර්ධනය සඳහා ප‍්‍රධාන වශයෙන් දායක විය.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වන HNB සභාපති නිලන්ත ද සිල්වා මහතා ‘‘වසර දෙකක පමණ කාලයක සිට රටට හා ක්ෂේත‍්‍රයට අභියෝග රැුසකට මුහුණ දීමට සිදු වූ නිසා මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම අවිනිශ්චිත තත්වයක පැවතුනාx කොවිඞ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව නැවත ඉහළ යාමත් ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය සීඝ‍්‍රයෙන් පැතිරීමත් නිසා ආර්ථික සංවර්ධනයට හා ක්ෂේත‍්‍රයේ ඉදිරි ගමනට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා. කොවිඞ් වසංගතය පාලනය කිරීම සඳහා අදාල බලධාරීන් විසින් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් හා සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට ගන්නා ප‍්‍රයත්නය අප බෙහෙවින් අගය කරනවා. මෙවන් පසුබිමක් තුළ, අපගේ සියළුම පාර්ශවකරුවන් ලබා දෙන අඛණ්ඩ සහයෝගය මෙන්ම විශේෂයෙන්ම අපගේ අපගේ වටිනා සේවාදායකයින්ට සේවය කිරීමට අපගේ කාර්ය මණ්ඩලය තුළ වූ දැඩි කැපවීම හා උනන්දුව පිළිබඳව මාගේ හෘදයාංගම ස්තූතිය මේ මොහොතේ පුද කර සිටිනවා.” යනුවෙන් පැවසුවේය.

රුපියල අවප‍්‍රමාණය වීම සහ හුවමාරු ප‍්‍රමාණය අවම වීම හේතුවෙන් 2020 පළමු මාස හයට වාර්තා කළ රුපියල් බිලියන 1.5ට සාපේක්ෂව 2021 පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 3.4ක විනිමය ආදායමක් වාර්තා කිරීමට බැංකුව සමත් විය.

බැංකුවේ දළ අක‍්‍රීය ණය අනුපාතය (NPA) 2020 පළමු අර්ධය තුළ වාර්තා කළ ආසන්න වශයෙන් පදනම් අංක 50ක පිරිහීමට සාපේක්ෂව 2021 පළමු මාස 6 සඳහා 4.25%ක් ලෙස වර්ධනය වී ඇත. 2020 අදාළ කාල සීමාව තුළ රුපියල් බිලියන 9.1ක් වූ ණය හානිකරණයට සාපේක්ෂව බැංකුව විසින් 2021 පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 6×3ක හානි පූරණයක් අය කර ඇත.

පසුගිය වසරේ ඉහළ හානි පූර්ණයකට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ දළ අක‍්‍රීය ණය අනුපාත ඉහළ යාම හා 2020 අපේ‍්‍රල් මාසයේදී ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම පහත හෙළීමය. බැංකුව විසින් මෙහෙයුම් ක‍්‍රියාවලියේ ඇති අවිනිශ්චිතතාවයන් නැවත විමසා බැලූ අතර, මෙම කාල පරිච්ෙඡ්දය සඳහා හානිකර ප‍්‍රතිපාදන කළමනාකරණය අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කටයුතු කළේය. අක‍්‍රීය ණය අනුපාත පදනමට එරෙහිව බැංකුවේ සමස්ත හානිපූරණය 2021 පළමු අර්ධය අවසන් වන විට 100% ඉක්මවා පැවතීම කැපී පෙනේ.

Visits: 140