සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ 05 වන රත්තරන් දිනුම් ඇදීම පවත්වයි

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් පවත්වන 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ අවසාන මහා තරගය කරා ක‍්‍රම ක‍්‍රමයෙන් ගමන් කරමින් තිබෙන අතර සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට යළිත් වරක් රත්තරන් දිනාගැනීමට අවස්ථාවක් උදා වී තිබේ.

වසරක් පුරා පැවැත්වෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ මාස දෙකකට වරක් පැවැත්වෙන දිනුම් ඇදීම් වල 5 වැන්න පසුගියදා පැවැත්වුණු අතර එහිදී රුපියල් මිලියන 05 ක් වටිනා රත්තරන් ප‍්‍රදානය කිරීම සඳහා තවත් ජයග‍්‍රාහකයින් 100 කට වැඩි සංඛ්‍යාවක් සමාගම විසින් තෝරා ගන්නා ලදී. 

මෙම ජයග‍්‍රාහකයින් අතුරෙන් එක් අයෙකු රුපියල් මිලියනයක් වටිනා රත්තරන් ද, දෙදෙනෙකු රුපියල් 250,000 බැගින් වටිනා රත්තරන් ද, පස් දෙනෙකු රුපියල් 100,000 බැගින් වටිනා රත්තරන් ද, විසිපස් දෙනෙකු එක් අයෙකුට රුපියල් 50,000 වටිනා රත්තරන් ද, හැත්තෑ දෙනෙකු රුපියල් 25,000 බැගින් වටිනා රත්තරන් ද ජයග‍්‍රහණය කළේය. මෙම දිනුම් ඇදීමේදී දඹුල්ල ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු මුල් ත්‍යාගය දිනාගත් අතර අනිකුත් ප‍්‍රධාන ත්‍යාග වැලිවේරිය, මහනුවර, නෙල්ලිඅඩි, නොච්චියාගම සහ ගාල්ල ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියන් දිනාගන්නා ලදී. 

මීට පෙර පැවති දිනුම් ඇදීම් හතරේදී ජයග‍්‍රාහකයින් 412 දෙනෙකු තෝරාගත් අතර රුපියල් මිලියන 20 ක රත්තරන් ඔවුන් විසින් ජයග‍්‍රහණය කරන ලදි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ලබන සැප්තැම්බර් මාසයේදී පවත්වන හයවන හෙවත් අවසන් දිනුම් ඇදීමෙන් අවසන් වනවිට සමස්තයක් ලෙස රක්ෂණ ඔප්පුහිමියන් 618 දෙනෙකු රුපියල් මිලියන 30 ක රත්තරන් දිනාගැනීමට නියමිතව ඇත.

සේයාරුවෙන් දැක්වෙන්නේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා (වමේ සිට තුන්වැන්නා සහ හතර වැන්නා) සහ අධ්‍යක්ෂවරුන් වන පාලිත ජයවර්ධන මහතා, දේවාන් කුරේ මහතා සහ රංග අබේනායක මහතා දිනුම් ඇදීමේ ප‍්‍රතිඵල සහතික කරන ආකාරයයි.

Views: 27