ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී රුපියල් 2 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.00ක් බැගින් ලාභාංශ ගෙවන බව ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 11 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස සැප්තැම්බර් 21 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතිබවත්, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 17 වැනිදා පැවැත්වීමට නියමිත බවත් ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 89

Leave a Reply

Your email address will not be published. Required fields are marked *