ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයෙන් ජාතික රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ශී‍්‍ර ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් කොවිඞ් – 19 රෝගීන්ගේ රෝගී තත්ත්ව පරික්‍ෂාව සදහා (ශ්වසන වේගය,හෘද ස්පන්දන වේගය, ECG ” සිස්ටලික් සහ ඩයස්ටොලික් පීඩනය) සහ අනෙකුත් තීරණාත්මක සාධක අධීක්ෂණය කිරීමට උපකාරීවන වෛද්‍ය උපකරන (Multi Para Patient Monitoring Units) පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන ලද බව පවසයි.

SLFPA මෙම ව්‍යාපෘතිය සමඟ ඉදිරි පෙළ වෛද්‍යවරුන් අගය කිරීම සහ කොවිඩ්-19 වෛරසයට එරෙහිව සටන් කිරීමට දරන උත්සාහයට සහාය වීම සඳහා ඉදිරිපත්ව සිටී.

මෙම වෛද්‍ය උපකරන භාරදීමේ උත්සවය පසුගියදා ජාතික රෝහලේදී SLFPA සභාපති – නිශාන් පෙරේරා, මෙම ව්‍යාපෘතියේ සභාපති සහ ශී‍්‍ර ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති – දමිත පෙරේරා,ලේකම් – අරුණ සේනානායක භාණ්ඩාගාරික – නදීෂාන් ගුරුගේ සහ හිටපු සභාපතිවරයෙකු වන ධම්මික ගුණසේකර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු අතර,නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමා වික‍්‍රමසිංහ මහතා විසින් ජාතික රෝහල  වෙනුවෙන් එම වෛද්‍ය උපකරන භාරගන්නා ලදී. මෙම මුළු යන්ත‍්‍රවල වටිනාකම රුපියල් මිලියන 1.1 ඉක්මවයි.

මෙම වෛද්‍ය උපකරන 3ක් සදහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය CMC Engineering Export GmbH, Westmann Engineering Co. (Pvt) Ltd &EOAS Organics Pvt Ltd යන ආයතන දක්වන ලද අතර Country Style Foods (Pvt) Ltd (SMAK), Forbs & Walker Commodity Brokers (Pvt) Ltd, Trans Continental Packaging & Commodities (Pvt) Ltd, Control Union inspections Pvt Ltd, Rohan Rodrigo Refrigeration & Air Conditioning Pvt Ltd  & Finagle Lanka Pvt Ltd එක්ව වෛද්‍ය උපකරන 2ක් සදහා දායකත්වය දක්වන ලදී 

ඉදිරියේදී සිය සාමාජිකත්වය සමග එක්ව තවත් වෛද්‍ය උපකරන පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවන බව මෙම අවස්ථාවට එක්වූ මෙම ව්‍යාපෘතියේ සභාපති සහ ශී‍්‍ර ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති දමිත පෙරේරා මහතා පැවසීය..

Visits: 27