SLIIT පශ්චාත් උපාධි අපේක්ෂකයින් සඳහා Virtual Open Day 2021 සාර්ථකව පවත්වයි

SLIIT ආයතනය මඟින් පිරිනමනු ලබන MSc, MBA, MPhil සහ PhD පාඨමාලාවලට අදාල සියලු තොරතුරු දැන ගැනීම සඳහා 2021 ජුනි 12 වන දින අන්තර්ජාලය හරහා විවෘත දිනයක් (Postgraduate Virtual Open Day) පැවැත්වුණු බව පවසයි.

අධ්‍යන හා පර්යේෂණ උපාධි පීඨයේ පීඨාධිපති, අධ්‍යයන සම්බන්ධීකාරකවරුන් ඇතුළු අනාගත අපේක්ෂකයින් මෙම වැදගත් අවස්ථාවට සහභාගී වී තිබේ.

‘සූම්’ (Zoom) තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මඟින් පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට පාඨමාලා සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවන මහාචාර්ය හා ආචාර්ය මණ්ඩලය සමඟ ජීවිතය තුළ නිවැරදි තීරණ ගනිමින් ඉගෙනීමේ මාවත සකස් කර ගැනීම පිළිබඳව සාකච්ජා කිරීමට හැකිවිය. ඊට අමතරව විශේෂ වට්ටම් හිමිකර ගැනීමට හා virtual tour හරහා SLIIT ආයතනය නැරඹීමේ අවස්ථාවද හිමි විය.

MSc හා MBA යන පාඨමාලා සැලසුම් කර ඇත්තේ අපේක්ෂකයින්ගේ අනාගත වෘත්තීය කටයුතු අපේක්ෂාවන් වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේම විවිධ හැකියාවන්ගෙන් වෘත්තීය වශයෙන් සාර්ථක වීමට අවශ්‍ය සහය ලබාදීමටය. MPhil සහ PhD උපාධි අපේක්ෂකයින්ට වැඩිදුරටත් පර්යේෂණ මාතෘකා පිළිබඳව වැඩ කිරීමට අවස්ථාව ලබා දෙමින් පවතින දැඩි අවශ්‍යතා සහිත ප්‍රදේශවල නව තරඟකාරීත්වය සඳහා නවෝත්පාදන විසඳුම් ලබා දෙයි. මෙම උපාධි පාඨමාලා සියල්ල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කර ඇත.

SLIIT ආයතනය විද්‍යාවේදී (MSc) සහ තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, තොරතුරු කළමනාකරණය, තොරතුරු පද්ධති, සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂ තොරතුරු තාක්‍ෂණය, ව්‍යවසාය යෙදුම් සංවර්ධනය පිළිබඳ විශේෂ තොරතුරු තාක්‍ෂණය, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිය, දර්ශනවේදී (MPhil), සහ පරිගණක හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පර්යේෂණ පදනම් කරගත් ආචාර්ය උපාධි (PhD) යන උපාධි පිරිනමනු ලබයි.

SLIIT පශ්චාත් උපාධි පිරිනමනු ලබන්නේ SLIIT පශ්චාත් උපාධි අධ්‍යන පීඨය විසිනි. එමඟින් සිසුන්ට අගනා ප්‍රතිඵල ලබාදෙන සාර්ථක ඉගෙනුම් හා පර්යේෂණ පරිසරයක් නිර්මාණය කිරීමට සමත් වී ඇති අතර ආචාර්ය මණ්ඩලය ද ඒ වෙනුවෙන් නව්‍යකරණයෙන් හා විශිෂ්ටත්වයෙන් කැපවී සිටී.

ලෝකය පුරා වූ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලවල ඉහළ අධ්‍යාපනික සුදුසුකම්ලත් ආචාර්ය උපාධිධාරීන් 75 දෙනෙකු ඇතුළු 300 දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් අධ්‍යන මණ්ඩලයක් සමඟින් SLIIT, කර්මාන්ත වෘත්තිකයන් සමඟ ද හොඳ අධ්‍යයන පසුබිමක් පවත්වාගෙන යනු ලබයි. බොහෝ කථිකාචාර්යවරුන්ට අධ්‍යන ක්ෂේත්‍රයේ පමණක් නොව පර්යේෂණ හා නවෝත්පාදන,ව්‍යාපාරික දෘෂ්ටියේ ගුණාත්මකභාවයන් සහතික කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයන් පිළිබඳවද අත්දැකීම් ඇත.

මෙම පශ්චාත් උපාධි ඩිප්ලෝමා MSc උපාධි සඳහා පිටවීමේ සුදුසුකමක් ලෙස සලකයි. ඊට අමතරව MSc සහ MBA උපාධි වැඩසටහන් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලබන්නේ වෙළඳපොළෙහි වෙනස්වීම් අවබෝධ කරගනිමින් අධ්‍යයන පර්යේෂණ සහ නව්‍යකරණයන් පිළිබඳ දැනුම් සම්භාරයේ සීමාවන් දක්වා පුළුල් කිරීමෙනි.

උපාධිය උපාධි සාර්ථකව සම්පූර්ණ කර ඇති උපධිලාභින් හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් පළපුරුද්දක් සහිතව පිළිගත් වෘත්තීය ආයතනයක් සමඟ පූර්ණ සුදුසුකම් ඇති අපේක්ෂකයින්ට මෙම උපාධි වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය.

පශ්චාත් උපාධි විවෘත දිනය තුළ වැඩසටහනට සම්බන්ධ වූ අපේක්ෂකයින්ට පාඨමාලා සඳහාවන මුළු මුදලෙන් 15% වට්ටමක් හිමි විය. කණ්ඩායම් ලියාපදිංචිය සඳහා 20% ක වට්ටමක් (එක සමාගමකින් අවම වශයෙන් සාමාජිකයින් 04 ක් වත් විය යුතුය) සහ SLIIT ආදි සිසුන් සඳහා 10% ක වට්ටමක් හිමිවේ.

SLIIT ආයතනයේ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ඊළඟ බඳවා ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා MSc / MBA සම්බන්ධීකාරක, (0777 6050 77 / 076 497 1716) හෝ www.sliit.lk/gradute-studies-research වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

Views: 95