සණස රක්ෂණ සමාගමේ ණයකර ලැයිස්තුගත කිරීමට CSE අනුමැතිය

සණස ජීවිත රක්ෂණ සමාගම (SANASA Life Insurance) මගින් සිය ණයකර නිකුතුවක් ලැයිස්තුගත කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුවෙන් සිදු කර තිබූ ඉල්ලීමට අනුමැතිය ලබා දුන් බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

මේ බව සඳහන් කරමින් කොළඹ කොටස් හුවමාරුවෙහි සියලුම තැරැව්කාර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත පසුගියදා ලිපියක් මගින් දැනුම් දීම සිදු කර තිබේ.

මෙහිදී සණස ජීවිත රක්ෂණ සමාගම මගින් සිය වර්ගකෙරුණු, ජ්‍යෙෂ්ට, සුරක්ෂිතනොවූ, ආපසුමුදවාගත හැකි ණයකර කොටස් මිලියන 2ක් (2,000,000ක්) ලැයිස්තුගත කිරීම සඳහා කොළඹකොටස් හුවමාරුව මගින් අනුමැතිය ඉල්ලා තිබේ.

මෙම ණයකරයක වටිනාකම හෝ ඒ සඳහා ගෙවනු ලබන වාර්ෂික පොලී අනුපාතයන් පිළිබඳව මෙතෙක් අනාවරණය කෙරී නැත.

ඒ අනුව මෙම ණයකර කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත වීම පිළිබඳව අදාළ සමාගම මගින් නිල නිවේදනයක් සිදු කර වෙළෙඳ පොළ ගනුදෙනු දින තුනක් ඇතුළතදී සිදු කෙරෙනු ඇති බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කර සිටියි. මීට පෙර පසුගිය මැයි මාසයේදී ලංකා විදුලි බල මණ්ඩලයද සිය ණයර කොටස් මිලියන 200ක් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කෙරුණු සිදු කළ අතර ඒ සඳහාද ඉහළ ඉල්ලුමක් හිමි වූ බව පැවසෙයි.

Visits: 193