ChildFund Sri Lanka සංවිධානය ‘Sri Lanka Gives Back’ අරඹයි

COVID-19 වසංගතය හේතුවෙන් පැන නගින සහන අවශ්‍යතා සඳහාත් රටේ අනාගත සංවර්ධන අවශ්‍යතා සඳහාත් සහාය දක්වමින් පාර්ශ්වකරුවන් ලෙස අත්වැල් බැඳ ගන්නා ලෙස ChildFund Sri Lanka සංවිධානය මහජනතාවට ආරාධනා කරයි.

ඒ වෙනුවෙන් ChildFund Sri Lanka සංවිධානය විසින් සියලු පරිත්‍යාග එකතු කිරීම සඳහා ‘Sri Lanka Gives Back’ සුවිශේෂී අරමුදල් රැස්කිරීමේ වැඩසටහන මෑතකදී ආරම්භ කරනු ලැබිණි.

ChildFund Sri Lanka සංවිධානය ලැබෙන සියලුම පරිත්‍යාග බෙදා දීම සඳහා කැපවෙයි. පොරොන්දු පරිදි ලබාදෙන මුදල් හෝ වෛද්‍ය උපකරණ වශයෙන් ලැබෙන සෑම පරිත්‍යාගයක් සඳහාම, ChildFund Sri Lanka සංවිධානය ඒ හා සමාන මුදල් වටිනාකමක් පරිත්‍යාග කිරීමට හෝ අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමට කටයුතු කරනු ඇත.

මෙම දායකත්වය හරහා ළමුන් සහ ඔවුන්ගේ පවුල් 200,000කට අධික සංඛ්‍යාවක් වෙත ළඟාවීම ChildFund Sri Lanka සංවිධානයේ අරමුණ වී තිබේ. ChildFund දිස්ත්‍රික්ක11ක ග්‍රාම නිලදාරි කොට්ඨාශ 226ක් මෙයට ඇතුළත්ය. ChildFund Sri Lanka COVID-19 හදිසි සහන හරහා 500,000 කට අධික පිරිසකට දේශීය වශයෙන් ප්‍රතිලාභ ලැබෙනු ඇත.

ChildFund Sri Lanka සංවිධානයේ මෙරට කළමනාකරු නාලක සිරිවර්ධන මහතා මේ බව පැහැදිලි කරමින් මෙසේ පවසයි. “ගෝලීය වසංගතයක් ලෙස COVID-19 ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට තර්ජනයක් වන අතර විශේෂයෙන් සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, මූලික අවශ්‍යතා සහ සේවාවන් සහ සමාජීය වශයෙන් ඔවුන්ගේ ජීවිතවල විශාල බාධාවක් ඇති කරයි. අපගේ ‘Sri Lanka Gives Back’ යන අරමුදල් සම්පාදන වැඩසටහන මඟින් මෙම බලපෑම් අවම කිරීම සඳහා කඩිනම් හා පුළුල් මැදිහත්වීමක් ලබා දෙනු ඇත. ChildFund Sri Lanka සංවිධානයේ හදිසි COVID-19 සහන කටයුතුවල නියැලීමට අපි මහජනතාවට, පුද්ගලයින්ට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට ආරාධනා කරන අතරම රටේ ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා හවුල්කරුවන් වන ලෙසටද ආරාධනා කරනවා.”

ChildFund Sri Lanka සංවිධානය පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය රෝහලේ තාවකාලික COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන, වෛරසයට එරෙහි සටනේදී එම රෝහලේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සහාය වී ඇත. එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන අනෙකුත් ග්‍රාමීය රෝහල්වලද අනාගතයේදී පිහිටුවීමට සැලසුම් කෙරේ.

වසංගතයෙන් පීඩාවට පත් පවුල්වලට ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමටත් ‘නව සාමාන්‍ය’ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ස්වයං රැකියා හා ආදායම් උත්පාදනය සඳහාත් ChildFund Sri Lanka සංවිධානය සහාය දෙයි.

Global Shapers Kandy Hub, Headstart Pvt. Ltd, John Keells Foundation, Leo Club of Colombo Fort සහ Rotaract Club of University Alumni ඇතුළු පරිත්‍යාගශීලීන් මේ දක්වා ලබාදෙන සහයෝගය ChildFund Sri Lanka සංවිධානය අගය කරයි.
මෙම පෙර නොවූ විරූ සෞඛ්‍ය අර්බුදයෙන් පීඩාවට පත් ජාතියට සහ සියලු ප්‍රජාවන්ට උපකාර කරමින් ChildFund Sri Lanka සංවිධානය අනාගතයේ දී අවශ්‍යතා හඳුනාගෙන තවත් ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට අපේක්ෂා කරයි.

ChildFund Sri Lanka හි ‘Sri Lanka Gives Back’ සහ ‘COVID-19 හදිසි ප්‍රතිචාර සැලැස්ම පිළිබඳ වැඩි විස්තර සහ උනන්දුවක් දක්වන අය වෙතොත් +94 716446683 යන අංකය හරහා රුවන්ත කටුගහ අමතන්න. විද්‍යුත් ලිපිනය  rkatugaha@childfund.org

Views: 37