හේමාස් රෝහල් සිව්වන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වාද්දුව Blue Water Hotel & Spa වෙත

මෙරට ප‍්‍රමුඛතම රෝහල් ජාලයක් වන හේමාස් රෝහල් සමූහය, කෝවිඞ් 19 වසංගතයට එරෙහි සිය අඛණ්ඩ මෙහෙයුම තවත් පුළුල් කරමින් සිය සිව්වැනි අතරමැදි කෝවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වාද්දුව Blue Water Hotel & Spa සංචාරක හෝටලය කේන්ද්‍ර කර ගනිමින් අරඹන ලද බව පවසයි.

තරු පන්තියේ හෝටලයක් වන එම සංචාරක හෝටලය හේමාස් රෝහල සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් මෙහි යටිතල පහසුකම් උපයෝගී කර ගනිමින් පූර්ණ පහසුකම් සහිත කෝවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ දැඩි අවධානයක් සහ නිරන්තර පසුවිපරමක් සහිත කෝවිඞ් රෝගීන් සඳහා විශේෂිත දැඩි සත්කාරක ඒකකයක් ^High Dependency Unit& මෙහි ස්ථාපනය කර ඇතැයි පවසයි.

මෙම ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබූ දැඩි නියාමන රීතීන්ට අනුකූලව පවත්වාගෙන යනු ඇත.

හේමාස් රෝහල් සමූහය කෝවිඞ් 19 න් ආරක්ෂිත ශ‍්‍රී ලංකාවේ පළමු රෝහල ලෙස ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ (SLS 1672:2020) ප‍්‍රමිතිකරණ සහතිකයෙන් පිදුම් ලැබූ අතර, රෝහල් සමූහයේ පළමු අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානය උස්වැටකෙයියාව, Kaya Wellness Resort හිදීද, දෙවැන්න සී ෂයින් හෝටලයේදීද, තෙවැන්න Berjaya සංචාරක හෝටලය කේන්ද්‍ර කර ගනිමින්ද ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හේමාස් රෝහල් සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ සහ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා,  ‘‘කෝවිඞ් වසංගත තත්වය පාලනය කිරීම රජයේ සෞඛ්‍ය අංශයට පමණක් තනිව කළ නොහැකියි. මේ කරුණු හොඳින් අධ්‍යනය කර අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන අප විසින් ඇරඹු අතර මෙහි සිව් වැනි මධ්‍යස්ථානය පසුගියදා වාද්දුව Blue Water Hotel & Spa සංචාරක හෝටලයෙහි ඇරඹීමට අපට හැකි වුණා. කෝවිඞ් රෝගීන්ගේ සමස්ත ප‍්‍රතිකාර කාලසීමාව පුරාවටම ඔවුන් වෙනුවෙන් කැපවූ කෝවිඞ් 19 වෛරසය සඳහා ප‍්‍රතිකාර කිරීමේ පුහුණුව ලත් වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක් මෙහි සේවයට යොදවා ඇති අතර කෝවිඞ් සංකූලතාවන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සියලූ ඖෂධ සහ උපාංගයන්ගෙන් මෙම අතරමැදි ප‍්‍රතිකාර ඒකකය සමන්විත වෙනවා.’’ යනුවෙන් පවසයි.

Views: 94