තරඟකාරී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංස්කෘතියක් නිර්මාණය කිරීමේ සංවාදය අද පෙ.ව. 9.00 ට

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමුළුව 2021 ජුනි 28 වන දින (අද) ‘තරඟකාරී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයක් නිර්මාණය කිරීම තුළින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම’ යන තේමාව යටතේ Zoom හරහා පැවැත්වීමට නියමිතය.

මෙයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු. විමල් වීරවංශ මහතා සහභාගී වන අතර, ප්‍රධාන දේශනය මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් පවත්වනු ලබයි.

අද පෙරවරු 9.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන වෙත සම්බන්ධ වීම https://us02web.zoom.us/j/82409288773 හරහා සිදු කළ හැකිය. එසේම එහි සජීවී විකාශයක් https://www.facebook.com/Centreforsmes යන ෆේස්බුක් පිටුව හරහා සිදු කෙරේ.

ව්‍යවසායකයින්ට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිහිටුවීම හා පුළුල් කිරීම යන ද්විත්වයටම ප්‍රධාන බාධකයක් වන  මූල්‍ය ප්‍රවේශය සඳහා පහසුකම් සැලසීම පිළිබඳව පළමු සැසි වාරයේදී සාකච්ඡා කෙරේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සඳහා වන ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ නවීකරණය, ව්‍යාප්තිය සහ සාර්ථක මෙහෙයුම් සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රවේශය ලබා ගැනීමයි. මෙම සැසිවාරයට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඉවෙට් ප්‍රනාන්දු මහත්මිය සහ දන්කොටුව පෝසිලේන් හි ප්‍රධාන විධායක චන්න ගුණවර්ධන මහතාගේදේශන ඇතුළත් වේ. ඊට මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.කේ. හෙට්ටිආරච්චි මහතා, USAID හි කැටලයිස් ශ්‍රී ලංකා (PSD) ව්‍යාපෘතියේ මූල්‍ය සේවා අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා, සහ මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී වික්‍රම නාරායන මහතා සහභාගී වන සාකච්ඡාවක්, USAID Partner ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ උපදේශක හසිත විජේසුන්දර මහතා විසින් මෙහෙයවනු ඇත. 

දෙවන සැසිවාරය මඟින් සුදුසු වෙළඳපළ ප්‍රවේශය සහ විශාල ව්‍යවසායන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අතර ව්‍යාපාරික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේදී මෙන්ම, ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පිවිසීමේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව ආවරණය කෙරේ.එයට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා, ඩැෆෙඩිල් ඇකඩමි ඔෆ් බිස්නස් හි අලෙවිකරණ හා ඩිජිටල් අධ්‍යක්ෂ / සම-නිර්මාතෘ යසස් හේවගේ මහතාත් කථිකයන් ලෙස එක් වේ. සාකච්ඡා මණ්ඩපය සඳහාගුඩ් මාකට්හි සම-නිර්මාතෘ අචලා සමරදිවකර මහත්මිය,සෙලීන් එක්ස්පෝර්ට්ස් හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂිකා සෙලීනා පීරිස් මහත්මිය,කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතා එක් වීමට නියමිතය.මෙම සැසිවාරය ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥජයනි රත්නායක මහත්මිය විසින් මෙහෙයවනු ලබයි.

තෙවන සැසියේදී නව තාක්‍ෂණය, නවෝත්පාදන හා ඩිජිටල්කරණය භාවිතා කිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති අතර, එහිදී ඩිජිටල් තාක්‍ෂණය භාවිතය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කාර්ය සාධනය ඉහළ නැංවීමට සහ වැඩි අවස්ථාවන් ලබා දීමට උපකාරී වන ආකාරය පෙන්වා දෙනු ලැබේ.තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා,කාර්මික තාක්‍ෂණ ආයතනයේ සභාපති ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර, සහ ආසියා-පැසිෆික් කලාපයේනැගී එන වෙළඳපළපිළිබඳෆේස්බුක් ආයතන අධ්‍යක්ෂ ජෝර්ඩි ෆෝනිස් මහතාගේ දේශන ඇතුලත් වේ.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ධාරිතා සංවර්ධන අධ්‍යක්ෂ සමීර ජයවර්ධන මහතා විසින් මෙහෙයවනු ලබන සාකච්ඡා මණ්ඩපයටකාර්මික හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ කාර්මික සංවර්ධන අතිරේක ලේකම් එල්. එස්. නසීර් මහතා,ෆේස්බුක් හි ප්‍රතිපත්ති වැඩසටහන් කළමනාකරු ආචාර්ය යසස් වී. අබේවික්‍රම මහතා, සහඩයලොග් ආසියාටා හි ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතාඑක්වීමට නියමිතය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයේ වේගවත් වර්ධනය සඳහා කුසලතා / නිපුණතා වර්ධනය කිරීම සම්බන්ධයෙන්සිව්වන සැසිය වෙන්වේ. එහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කළමනාකරණ කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම, ක්‍රම සහ විධි විස්තරාත්මකව සාකච්ඡා කෙරේ.කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ශක්තිමත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ඉල්ලුම මත පදනම් වූ තාක්‍ෂණික හුවමාරුව, පුහුණුව සහ කුසලතා සංවර්ධන වැඩසටහන් පිළිබඳව මෙම සැසියේදී අවධානය යොමු කරනු ඇත.එහි දේශනයන් සඳහා කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් / ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉසුරු තිලකවර්ධන,සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙහි හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය අජන්ත ධර්මසිරි යන මහත්වරුන් සහභාගී වේ.සාකච්ඡා මණ්ඩපය සඳහාතෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ( TVEC) සභාපති උදේනි වික්‍රමසිංහ මහතා, සහකාර මහාචාර්ය සහ කළමනාකරණ උපදේශක ආචාර්ය නිර්මාල් ද සිල්වා, සහ කෙන්ට් හෝල්ඩිංග්ස් හි සභාපති ගාමිණී සපරමාදු මහතා එක් වන අතර, එය මෙහෙයවනු ලබන්නේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ආචාර්ය කේ.ඒ. ලලිතධීර විසිනි.

පස්වන සැසිවාරය කලාපීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වාණිජ මණ්ඩලවල කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කරනු ඇත. එහි අවධානය යොමු වන්නේ කලාපීය ව්‍යාපාරවල වර්ධනය වැඩිදියුණු කිරීම,බටහිර පළාතෙන් ඉවතට ව්‍යාපාර  ස්ථානගත කිරීමට දිරිගැන්වීම, කලාපීය ව්‍යාපාරවල ධාරිතාව හා කුසලතා ඉහළ නැංවීම මෙන්ම කලාපීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රට තුළ සැපයුම් දාමයේ අනිවාර්ය අංගයක් බවට පරිවර්තනය කිරීම පිළිබඳව ය. මෙහි මණ්ඩල සාකච්ඡාවටලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් / ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා,ගාලු දිස්ත්‍රික් වාණිජ මණ්ඩල සභාපති විපුල ජයරත්න මහතා, සබරගමුව පළාත් වාණිජ මණ්ඩලයේ සභාපති ජගත් රඹුක්වැල්ල මහතා, පුත්තලම දිස්ත්‍රික්කයේ වාණිජ මණ්ඩල ආරම්භක සභාපති ශිරාන් කරුණරත්න මහතා, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වාණිජ මණ්ඩලයේ සභාපති කේ. කුලදීපන් මහතා, යාපනය වාණිජ මණ්ඩලයේ උප සභාපති එන්. නන්දරූපන් මහතා,සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාණිජ කේන්ද්‍රයේ සභාපති මහින්ද ජයසේන මහතා එක් වේ.ලංකා වාණිජ මණ්ඩලයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු යසුර සමරකෝන් මහතා විසින් මෙම සැසිය මෙහෙයවනු ලබයි.

Zoom සේවාව හරහා පැවැත්වෙන මෙම අන්තර්ජාල වැඩසටහන සිංහල බසින් පැවැත්වෙන අතර, ලියාපදිංචි වීම් සඳහා දැන් විවෘත කර තිබේ. ඊට සමගාමීව මේ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙනුවෙන් මෙම වැඩසටහන සජීවීව https://www.facebook.com/Centreforsmes යන ෆේස්බුක් පිටුව හරහා ද ප්‍රචාරය කෙරේ.

ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංසදයට අනුග්‍රහය දක්වන්නේ ෆේස්බුක් ආයතනය, හැටන් නැෂනල් බැංකුව, සහ Maersk ලංකා (පුද්) සමාගම යි.

Views: 115