ධම්මික පෙරේරා සෞඛ්‍යයටත් අත තියයි

මෙරට අංක එකේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා සහ එම මහත්මියගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක පදනම මගින් සෞඛ්‍ය (Health) පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරෙන නවතම යූටියුබ් නාලිකාවක් (DP Health) නමින් ආරම්භ කර ඇතැයි පවසයි.

2021 මැයි 12 වැනිදා ආරම්භ කර ඇති මෙම යූටියුබ් නාලිකාව මගින් මහජන සෞඛ්‍ය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් සිදු කරන බව සඳහන් කරයි. ‘සැමට ගුණාත්මක සෞඛ්‍ය ආරක්ෂාවක්’ යන්න එහි දැක්මයි. එසේම ලංකාවේ පළමු ඩිජිටල් සෞඛ්‍ය මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම මෙහි මෙහෙයුම බවද සඳහන් කරයි.

දැනටමත් මෙම යූටියුබ් නාලිකාව හරහා ගැබිනි සමයේ සහ දරු ප්‍රසූතියෙන් අනතුරුව මව්වරුන්ට උපදෙස් ලබා දීම සඳහා වන වැඩසටහන් ඉදිරිපත් කරයි.  https://www.youtube.com/channel/UCZPytZ21QZzCfwJtouL6e9Q/featured යන වෙබ් ලිපිනය හරහා මෙම යූටියුබ් නාලිකාව වෙත එක් විය හැකිය.

මීට පෙර ධම්මික පෙරේරා මහතා සහ එම මහත්මියගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක පදනම හරහා DP Education නමින් යූටියුබ් නාලිකාව ආරම්භ කළ අතර ඒ හරහා 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසැල් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීම සිදු කරයි.

අද වනවිට DP Education නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර ඇති පිරිස 220,000ක සංඛ්‍යාවක් වෙයි.

Views: 1421