එයාර්ටෙල් පරිශ්‍රයේ කාන්තා නියෝජනය තවදුරටත් පුළුල් කරයි

ලොව ප‍්‍රමුඛ පෙළේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සපයන්නෙකු හා ශ්‍රී ලංකාවේ ප‍්‍රියතම සේවා යෝජකයෙකු වන එයාර්ටෙල් ආයතනය සිය ආයතන පරිශ‍්‍රය තුළ සේවය කරන කාන්තා නියෝජනය තවදුරටත් පුළුල් කිරීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව පවසයි.

එයාර්ටෙල් ලංකා සමාගම Great Place to Work ආයතනය විසින් 2019 වසරේදී ‘‘කාන්තාවන් සඳහා සේවය කළ හැකි හොඳම සේවා ස්ථාන ස්ථාන 10’’ න් එක් ආයතනයක් ලෙස පිළිගැනීමට ලක් කෙරිණි. සිය ආයතන පරිශ‍්‍රය තුළ සේවය කරන කාන්තා ශ‍්‍රම බලකායෙන් 63%කට වැඩි ප‍්‍රමාණයක් කළමනාකාර තනතුරු දරන අතර සමාගමේ සියලූම ප‍්‍රධාන මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටින සියලූම සේවකයින් සඳහා වැඩ කිරීමට, පුහුණු වීමට හා ප‍්‍රතිලාභ ලබා ගැනීමට සුදුසු ආයතනික පරිසරයක් නිර්මාණය කිරීමට එයාර්ටෙල් අඛණ්ඩව කටයුතු කර ඇත.

දශකයකට වැඩි කාලයක් පුරාවට එයාර්ටෙල් හි මෙහෙයුම් කටයුතුවල නිරතව සිටින එයාර්ටෙල් ලංකා ප‍්‍රධාන සේවා නිලධාරිනී සෞම්‍යා නාරායන්, ආයතනයේ සේවය කරන සියලූ දෙනාටම සාධාරණව, අපක්ෂපාතීව හා සාමානව ප‍්‍රතිලාභ ලබා දීමට එයාර්ටෙල් දරන ප‍්‍රයත්නයට කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකිය.

එයාර්ටෙල් හි නවෝත්පාදන සැලසුම්, ක‍්‍රියාවලීන් ස්වයංක‍්‍රීයකරණය කිරීම හා ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කටයුතු කරන කණ්ඩායම් සෞම්‍යා විසින් කළමනාකරණය කරනු ලබයි. ඇයට අනුව අනාගතයේදී සෑම දෙයක්ම ඩිජිටල්කරණය වනු ඇති බවත් ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ සාර්ථක වීමට කාන්තාවන්ට ඕනෑතරම් අවස්ථාව ඇති බවත් ඇය විශ්වාස කරයි.

විශේෂයෙන්ම එයාර්ටෙල් වැනි සමාගමක් කාන්තාවන්ට පෞද්ගලිකව සහ වෘත්තීයමය වශයෙන් සාර්ථක වීමට අවශ්‍ය ඉඩකඩ සහ සහයෝගය ලබා දෙන අතර අනාගතයේදී කාන්තාවන් සඳහා තාක්ෂණය හා නිර්මාණකරණය වැනි ක්ෂේත‍්‍ර වඩාත් යහපත් වනු ඇති බවට සෞම්‍යා දැඩිව විශ්වාස කරයි.

සමාගමේ සෑම මට්ටමක් තුළම විවිධත්වයක් තිබිය යුතු බව එයාර්ටෙල් දැඩිව විශ්වාස කරයි. ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වන්නේ චමිලා සිල්වාය. ඇය දැනට Intelligent Network පිළිබඳ සහකාර කළමනාකාරිනියක ලෙස සේවය කරන අතර Intelligent Network පිළිබඳව කටයුතු කරන මෙරට ඉංජිනේරුවරියන් හතර දෙනාගෙන් ඇය එක් අයෙකි.

එයාර්ටෙල් හි පෙර ගෙවුම් ගෙවීමේ පද්ධති බාධාවකින් තොරව නිරන්තරයෙන් ක‍්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා දවසේ පැය 24 පුරාවට ඇය සූදානමින් සිටී. එයාර්ටෙල් හි පාරිභෝගිකයින්ගෙන් බහුතරයක් පෙර ගෙවුම් සබඳතා භාවිතා කරන තරුණ ප‍්‍රජාව වන බැවින් සමාගමේ සමස්ත කාර්යසාධනය සඳහා චමිලාගේ කාර්යභාරය ඉතා වැදගත් වේ.

එයාර්ටෙල් පුහුණු විධායක නිලධාරිනියක වන ගයනි බටවලආරච්චි දෘශ්‍ය ආබාධයකින් පෙළෙයි. එයාර්ටෙල් සමාගමේ සේවය කිරීම සඳහා ඇයව හඳුනා ගනු ලැබුවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පුහුණුව ලබා දීම සඳහා එයාර්ටෙල් ලංකා සේව්‍ය සම්මේලනය සමඟ එක්ව කටයුතු කරනු ලබන වැඩසටහනකින්ය.

EFC සමඟ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඇය ලද පුහුණුව නිසා රැකියා අවස්ථාවන් බොහොමයක් ඇයට විවෘත විය. තවද ඇය එයාර්ටෙල් සමඟ කටයුතු කරන කාලය තුළදී තාක්ෂණය පිළිබඳව වැඩිදුරටත් හැදෑරීමටත් එම ක්ෂේත‍්‍රයේ අඛණ්ඩව අධ්‍යාපනික සුදුසුකම් පසුපස හඹා යාමටත් ඇය බලාපොරොත්තු වේ.

ආයතනය තුළ සේවය කරන පිරිමි පාර්ශවයට ලබා දී තිබෙන අවස්ථාවන් කාන්තාවන්ට ද ලබා දෙන්නේ නම් ඔවුන්ගේ බලාපොරොත්තු හා අනෙකුත් සන්ධිස්ථාන අභිබවා සාර්ථක වීමේ ඉහළ හැකියාවක් කාන්තාවට ද ඇති බැවින් සෑම කෙනෙකුටම සාර්ථක වීමට සමාන හා සාධාරණ අවස්ථාවන් නිර්මාණය කළ යුතු බව එයාර්ටෙල් සැමවිටම පිළිගනී. තවද තාක්ෂණය හා තාක්ෂණය සම්බන්ධ රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳවත් අවසානයේදී විවිධ හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගෙන් සමන්විත සමාන අවස්ථාවන් ප‍්‍රවර්ධනය කරන සේවා ස්ථානයක් ඇති කිරීම පිළිබඳවත් එයාර්ටෙල් දැඩිව විශ්වාස කරන බව පවසයි.

Views: 78