ප්‍රීමා සමාගම පාන් පිටි මිල ඉහළ නංවයි

පාන් නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන පිටි කිලෝවක මිල රුපියල් 3.50 කින් ඉහළ නංවන බව මෙරට ප්‍රමුඛ පෙළේ පාන් පිටි අලෙවි සමාගමක් වන ප්‍රීමා සමාගම සිය ඒජන්තවරුන් වෙත දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව රුපියල් 80ක් වූ පිටි කිලෝවක මිල රුපියල් 83.50ක් දක්වා ඉහළ යන බව සඳහන් වෙයි.

එසේම මෙම මිළ ඉහළ යාමත් සමගින්ම කිලෝ ග්‍රෑම් 50ක පාන් පිටි මිටියක නව මිල රුපියල් 4,175ක් දක්වා ඉහළ යයි.

මේ අතර පාන් පිටි මිල ඉහළ දැමීමත් සමගින්ම බේකරි නිෂ්පාදන මිලද ඉහළ දැමීමට සිදුව තිබෙන බව බේකරි නිෂ්පාදන සමාගම් වැඩිදුරටත් සඳහන් කර සිටින බවත් එම මාධ්‍ය වාර්තා පවසයි.

Views: 202