බ්ලූම්බර්ග් ගෙන එන ලෝකයේ නව පුදුම 7ට ලංකාවේ සීගිරියත්
සුප්‍රසිද්ධ Bloomberg Businessweek සඟරාව මගින් ඉදිරිපත් කර ඇති ලෝකයේ නව පුදුම 7 සහිත ලැයිස්තුව වෙත ශ්‍රී ලංකාවේ සීගිරියත් ඇතුළත්ව ඇතැයි පවසයි.
අද වන විට අටවැනි ලෝක පුදුමය ලෙසින්ද සැලකෙන්නේ සීගිරියයි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/06/280x-1.jpg)
කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව ලොව පුරා ජනතාව සංචාරය කළ යුතු ලෝකයේ නව පුදුම 7 ලෙස සඳහන් කරමින් Bloomberg Businessweek සඟරාව මගින් මෙම ඉදිරිපත් කිරීම සිදු කර තිබේ.
ඔවුන්ගේ මෙම ලැයිස්තුව වෙත ඉපැරණි ග්‍රීක ලෝකයේ සිට වර්තමානය දක්වා විහිදුනු පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන මෙන්ම ස්වභාවික වටිනාකමක් සහිත ස්ථාන 7ක් ඇතුළත්ව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සීගිරියට අමතරව ස්පාඤ්ඤයේ Andalucia හි පිහිටි Antequera Dolmens නම් ස්වාභාවික පිහිටීම, ලෙබනනයේ බාල්බෙක්හි අදටත් දැකගත හැකි රෝම ගෘහනිර්මාණශිල්පයේ නටඹුන්, කැනඩාවේ Nahanni ජාතික උද්‍යාන රක්ෂිතය, ඔස්ට්‍රේලියාවේ කකාඩු ජාතික වනෝද්‍යානයේ ඇති ඇබ්‍රොජිනියානුවන් ඇඳි ලෙන් සිතුවම්, දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරට ආසන්නයේ ජලඅභ්‍යන්තරයේ පිහිටි කෙල්ප් වනාන්තරය, කොලොම්බියාවේ සැන් ඔගොස්ටින්හි පිහිටි මහා ශිලා ප්‍රතිමා යනාදී ස්ථාන මෙම ලෝකයේ නව පුදුම 7 ලෙස නම් කිරීමට Bloomberg Businessweek කටයුතු කර තිබේ.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/06/The-Sigiriya-rock-fortress-revealing-the-grandeur-of-the-Sigiriya-World-Heritage-Site-1-1024x593.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/06/torcal-de-antequera-1024x554.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/06/800x-1-1024x586.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/06/darrenrobertsphotography-www.darrenroberts.ca-1184.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/06/800x-1-2-1024x646.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/06/g0bbizyhdo731.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/06/800x-1-1.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 318