LOLC සමූහයේ කපිල ජයවර්ධන සෙරෙන්ඩිබ්, සීගිරිය සහ ඩොල්ෆින් හෝටල්හි සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සී, හොටෙල් සීගිරිය පීඑල්සී සහ ඩොල්ෆින් හොටෙල් පීඑල්සී යන සමාගම්හි නව සභාපතිවරයා ලෙස LOLC සමූහයේ කපිල ජයවර්ධන මහතා පත්කර ඇතැයි පවසයි.

ඉහත සඳහන් කළ මෙම හෝටල්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර පසුගිය මැයි 28 වැනිදා පැවැත් වූ හමුවකදී මෙම නව පත් කිරීම සිදුව තිබේ. සභාපති ධුරය සඳහා පත්වන අවස්ථාව වන විට ජයවර්ධන මහතා සතුව එම සමාගම්හි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් එම හෝටල් සමාගම් සඳහන් කර සිටියි.

කපිල ජයවර්ධන මහතා LOLCහෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් සමාගම්හි සභාපතිවරයෙකු/අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.

හේමාස් සමාගම වෙත අයත්ව තිබූ ඉහත සඳහන් කළ හෝටල් සමාගම් 3 අද වන විට LOLC සමුහයට අයත් ඊඩින් හොටෙල් ලංකා පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක වෙයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙම අත්පත් කරගැනීම සිදු විය.

ඒ අනුව ජයවර්ධන මහතා එම ඊඩින් හොටෙල් ලංකා පීඑල්සී සමාගමේ සභාපතිවරයා වීම මෙලෙස සෙරෙන්ඩිබ්, සීගිරිය සහ ඩොල්ෆින් යන හෝටල්වල සභාපති ධුරයට පත්වීමට ආසන්නතම හේතුව වී තිබේ.

ජයවර්ධන මහතා සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස LOLC සමූහය හා සම්බන්ධ වී ඇත්තේ 2007 වසරේදීය.

ඊඩ්න් හෝටෙල් ලංකා පීඑල්සී සමාගමට අමතරව LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, LOLC සෙකියුරිටීස් ලිමිටඩ්, පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සී, LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම්හි සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

එසේම ඒ මහතා LOLC සහ ඊට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත වැඩි කොටස් හිමිකාරීත්වයක් සහිත සෙලාන් බැංකුවෙහි උප සභාපතිවරයාද වෙයි.

මීට අමතරව බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී, බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, රිවෙරිනා රිසෝට්ස් (පෞද්) සමාගම, LOLC ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගම, LOLC ඇඩ්වාන්ස්ට් ටෙක්නොලොජීස් (පෞද්) සමාගම, LOLC ඒෂියා (පෞද්) සමාගම, LOLC ප්‍රයිවට් ලිමිටඩ්, සිලෝන් ග්‍රැෆේන් ටෙක්නොලොජීස් (පෞද්) සමාගම, LOLC අප්‍රිකා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම, ලීප්ස්ටිච් ටෙක්නොලොජීස් (පෞද්) සමාගම යන සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වෙයි.

මූල්‍ය කළමනාකරණය පිළිබඳව එම්බීඒ උපාධියක් හිමි ජයවර්ධන මහතා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. 1998 වසරේ සිට 2007 වසර දක්වා ඒ මහතා සිටි බැංකුවෙහි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ප්‍රධානියා සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.

Views: 625