කොවිඩ්-19 තෙවැනි රැල්ලෙන් හානි වූ බැංකු ණයකරුවන්ට මහබැංකුවෙන් සහන යෝජනා

කොවිඩ්-19 වසංගතයේ තෙවැනි රැල්ල නිසා බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් විසින් මුහුණ පා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් හට සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත යෝජනා කර සිටියි.

මෙම සහන යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන ණය ගනුදෙනුකරුවන් 2021 ජූනි 21 දින හෝ ඊට පෙර ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීමක් කළ යුතුව ඇත.

එසේම එම දිනයෙන් පසු වුවද පිළිගත හැකි හේතුවක් මත ප්‍රමාද වී ඉදිරිපත් කරන ඕනෑම ඉල්ලීමක් භාර ගන්නා ලෙස බලපත්‍රලාභී බැංකු වෙත දන්වා දී ඇත.

මහ බැංකුවෙහි නිවේදනය මෙම වෙබ් දිගුව හරහා ලබා ගත හැකිය. https://bit.ly/34BXOXg

Visits: 289