මහජන බැංකුවේ ගනුදෙනුකාර සේවා සහායක තනතුරට අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ

පවත්නා කොවිඩ්19 වසංගතය තත්වය නිසා පනවා ඇති සංචරණ සීමා හේතුකරගෙන, මහජන බැංකුවට ගනුදෙනුකාර සේවා සහායකයින් බඳවා ගැනීමට අදාළව අයදුම්පත් කැඳවීම සඳහා 2021.05.02 දින පළකර තිබූ පුවත්පත් දැන්වීමේ සඳහන්ව තිබූ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021.06.21 දින දක්වා දීර්ඝ කර ඇතැයි බැංකුව පවසයි.

ඒ අනුව ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තුමේන්තුවේ www.doents.lkවෙබ් අඩවියේ පළකර ඇති අයදුම්පත මාර්ගගත ක‍්‍රමය (On line) ඔස්සේ 2021.06.21 දින දක්වා ඉදිරිපත් කළ හැකි බව අයදුම්කරුවන් වෙත දන්වා සිටියි.

මෙම අයදුම්පත මාර්ගගතව යොමු කළ පසු එය බාගත කර මුද්‍රිත පිටපතේ අයදුම්කරුගේ අත්සන සහතික කර 2021.06.21 දිනට හෝ ඊට පෙර විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ශාඛාව, ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තුමේන්තුව තැ.පෙ 1503, කොළඹ යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

එසේ වුවද අදාළ බඳවාගැනීම සඳහා වයස සම්බන්ධ සුදුසුකම සපුරාලීම සලකා බැලීමේ දිනය 2021.06.02 ලෙස තවදුරටත් නොවෙනස්ව පවතී.

දැනටමත් මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කර ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් යොමු කර ඇති අයදුම්කරුවන් නැවත අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය නොවේ. එමෙන්ම 2021.05.02 දින පළකර තිබූ පුවත්පත් දැන්වීමේ සඳහන් අනෙකුත් අන්තර්ගතයන් නොවෙනස්ව පවතී.

Visits: 282