OPPO ශ්‍රී ලාංකික PUBG ලෝලීන් වෙනුවෙන් විශේෂ තරගාවලියක් පවත්වයි

Smart දුරකථන හා උපාංග සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන OPPO, ලොව පුරා අතිශයින් ජනප්‍රිය විද්‍යුත් ක්‍රීඩාවක් වන Player Unknown’s Battlegrounds හෙවත් PUBG නිර්මාණය කළ PUBG Corporation සමග විශේෂ හවුල්කාරීත්වයකට එළැඹුණු බව පවසයි.

මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන්, ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් මැයි 15 දින PUBG තරගාවලියක් පැවැත්වීමට OPPO කටයුතු කර තිබේ.

මෑතකදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද OPPO F19 Pro දුරකථනයට මෙම වැඩසටහන තුළදී විශේෂ ප්‍රචාරයක් ලබාදෙන ලදි. තරගාවලියේ ජයග්‍රාහකයා වෙත, OPPO රැහැන් රහිත හෙඩ්ෆෝන් අතර සුවිශේෂීම මාදිලිය ලෙස සැලකෙන OPPO Enco W11 හෙඩ්ෆෝන් කට්ටලයක් හිමි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් OPPO Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා “ශ්‍රී ලංකාවේ මෙන්ම මුළුමහත් ලෝකයේම විද්‍යුත් ක්‍රීඩා ලෝලීන් අතර අතිශයින් ජනප්‍රිය PUBG ක්‍රීඩාවේ නිර්මාතෘ සමාගම සමග මේ ආකාරයේ හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීමට අපට මහත් සතුටක්. අප මෑතකදී හඳුන්වා දුන් OPPO F19 Pro දුරකථන මාදිලියටත් මෙම වැඩසටහන තුළදී විශේෂ අවධානයක් යොමුවුණා.” යනුවෙන් පැවසී ය.

විද්‍යුත් ක්‍රීඩා වල යෙදෙන්නන්ට විශිෂ්ටතම අත්දැකීමක් ලැබෙන ආකාරයට OPPO F19 Pro දුරකථන මාදිලිය සැලසුම් කර තිබේ. 4310mAh බැටරියක් සහ 30W VOOC Flash Charge 4.0 තාක්ෂණය සමගින් එන එම දුරකථන මාදිලිය, වේගවත් හා කල් පවතින ආරෝපණය නිසා රිසි සේ භාවිතා කළ හැකි වේ. එය විනාඩි 56 ක් වැනි කෙටි කාලයක් තුළ පූර්ණ වශයෙන් ආරෝපණය වන අතර, ආරෝපණය දින එකහමාරක පමණ කාලයක් පවතී.

ක්‍රීඩාවක යෙදෙන අතරතුර දුරකථන ඇමතුම් පමණක් නොව gestures සහ on-screen volume prompt ආදියද අවහිර කිරීමේ හැකියාව, F19 Pro මාදිලියට ඇතුළත් කර ඇති Game Focus Mode විශේෂාංගය සතු ය.

Game Floating Window මගින් ක්‍රීඩාවෙන් ඉවත් නොවී එය minimize කිරීමේ හැකියාව ලැබෙන අතර, පණිවිඩ ආදිය මුළුමනින්ම අවහිර කිරීමට අකමැති ක්‍රීඩා ලෝලීන්ට Bullet Screen Message ක්‍රමය භාවිතා කළ හැකි වේ. Bullet Screen Message මගින්, ක්‍රීඩාවට බාධාවක් නොවන ආකාරයට, WhatsApp, Messenger සහ SMS වැනි තෝරාගත් app කිහිපයක පණිවිඩ තිරයේ ප්‍රදර්ශනය කරයි.

Views: 26