ජෝන් කීල්ස් පීඑල්සී රු. 2.29 බැගින් ලාභාංශ ගෙවනවාලු

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත්, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත් වුණූ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.29 බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

එහිදී මෙම ලාභාංශ ගෙවීම 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන අවසන් ලාභාංශ ගෙවීම වෙයි.

ජෝන් කීල්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීමේ දිනය ලෙස ලබන ජූනි 23 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජූනි 03 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද ජෝන් කීල්ස් පීඑල්සී වැඩිදුරටත් පවසයි.

පසුගිය සිකුරාදා අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි සිදුවූ ගනුදෙනු නිමාවේදී ජෝන් කීල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 63.10 ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊට පෙර දිනයේදී සමාගමේ කොටසක අගය වූ රුපියල් 65.00ට සාපේක්ෂව රුපියල් 1.90ක එනම් 2.92% ප්‍රතිශතයක පහළ වැටීමකි.

Visits: 221