‘අලියාන්ස් ලංකා’ වරාවැව ග්‍රාමීය පාසලේ සූර්ය පැනල සවි කරයි

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (අලියාන්ස් ලංකා) ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් මෙන්ම ජීවන තත්වයන් නගා සිටුවීම වෙනුවෙන් වරාවැව ග්‍රාමිය පාසලේ සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කරන ලද බව පවසයි.

2021 වසර සඳහා වන අලියාන්ස් ලංකාහි පළමු තිරසාරත්ව වැඩසටහන වන මෙය අනාගතයේදී මුහුණ දීමට සිදුවන දේශගුණික අභියෝගයන්ට අදාළ විසඳුම් දිරි ගැන්වීමේ අලියාන්ස් සමූහයේ දේශගුණික විපර්යාස හා කාබන්හරණය පිළිබඳ උපාය මාර්ගයන්ට අනුව සිදු කරනු ලබයි.

අලියාන්ස් ලංකා හි අලෙවි කළමනාකරණ කණ්ඩායම විසින් පාසල් රැසක් අතුරින් සූර්ය පැනල ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව සහිත වඩාත් සුදුසුම පාසල ලෙස වරාවැව උතුරු මැද/මහව ගිරිබාව හෙට්ටිආරච්චිගම ප්‍රාථමික විද්‍යාලය තෝරා ගෙන තිබේ. ඒ අනුව අදාළ සූර්ය පැනල එම පාසලෙහි සවි කිරීමට අලියාන්ස් ලංකා කටයුතු කළ අතර ඒ තුළින් පාසලට අවශ්‍ය සම්පූර්ණ විදුලි ධාරිතාව සැපිරීමට කිලෝ වොට් 3ක (සූර්ය පැනල 7ක ඒකකයක්) ධාරිතාවයකින් යුත් සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කර ඇත.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා විසින් මෙම සූර්ය පැනල පාසල වෙත පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි ප්‍රධාන අලෙවි නිළධාරී මංගල බණ්ඩාර, අලෙවි කළමනාකරණ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සමන්ත ගුණවර්ධන මහතා ඇතුළු අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකාහි නියෝජිතයන් කිහිප දෙනෙක් එක්ව සිට ඇත.

Views: 39