24, 25 රජයේ නිවාඩුව කොළඹ කොටස් හුවමාරුවට අදාළ නෑ
ලබන සතියේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු දින තුනක් තුළ පමණක් ක්‍රියාත්මක කෙරෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.
ඒ අනුව 2021 මැයි මස 24, 25 සහ 28 යන දිනවලදී කොළඹ කොටස් හුවමාරුවෙහි සාමාන්‍ය ගනුදෙනු සුපුරුදු අයුරින් සිදු කිරිමට නියමිතව තිබේ. එම දිනවල පෙ.ව. 11.00 ට විවෘත වන කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සවස 2.30 දක්වා සිදු වෙයි.
එහිදී වත්මන් කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය සඳහා ලබන 24 සහ 25 දින දෙක සඳහා ලබා දී ඇති රජයේ නිවාඩුව කොළඹ කොටස් හුවමාරුව වෙත බල නොපාන බවත් සඳහන් වෙයි.
එහෙත් මැයි 26 සහ 27 දෙදින තුළ පවතින වෙසක් පොහොය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුව වසා දැමීමක් සිදු වෙයි.
අනතුරුව මැයි 28 (සිකුරාදා) යළිත් කොළඹ කොටස් හුවමාරුවෙහි ගණුදෙනු සුපුරුදු පරිදි සිදු වෙයි.