එයාර්ටෙල් ලංකා ප‍්‍රථම වරට කාර්තුමය වශයෙන් සේවකයන් අගයයි

එයාර්ටෙල් ලංකා සමාගම පළමු වරට කාර්තුමය වශයෙන් සිය සේවකයන් ඇගයීම සඳහා, සේවක විශිෂ්ටතා සම්මාන උළෙලක් පසුගියදා පවත්වනු ලැබූ බව පවසයි. 2020 වසරේ තුන් වන කාර්තුව තුළ අභියෝගවලට මුහුණ දෙමින් සිය විශිෂ්ටත්වය ප‍්‍රදර්ශනය කළ කණ්ඩායම් සාමාජිකයන් ඇගයීම සඳහා මෙම අවස්ථාව සංවිධාය කර තිබේ.

මෙම සුවිශේෂී සම්මාන රාත‍්‍රියේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අදහස් දැක් වූ එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශිෂ් චන්ද්‍රා මහතා ‘‘පසුගිය වසර ඉතා අභියෝගාත්මක වසරක් වූ බව කිසිවෙකුටත් රහසක් නොවෙයි. එහෙත් එයාර්ටෙල් ලංකා එම සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දුන් බව මේ මොහොතේ ඉතා අභිමානයෙන් සඳහන් කිරීමට මා කැමතියි.’’ යනුවෙන් පැවසුවේය.

‘‘පසුගිය වසර පුරා අපගේ සේවා සහ සහයෝගය පිළිබඳව පරිශීලකයන් අන් කවරදාටත් වඩා විශ්වාසය පළ කර තිබුණා. ඉන් කියවෙන්නේ අපට පෙර නොවූ විරූ ආකාරයේ සේවාවක් ලබා දීමට හැකි වූ බවයි. අද රාත‍්‍රියේදී සම්මාන දිනාගනු ලැබූ ජයග‍්‍රාහකයින්ගේ මෙන්ම සමස්ත කණ්ඩායමේම විශිෂ්ට හැකියාවන් සැබැවින්ම අගය කිරීම තුළින් හෙට දවසේ තව තවත් වර්ධනීය ගමනක් වෙනුවෙන් ඔවුන්ට සුවිසල් ශක්තියක් සපයනු ඇතැයි මා විශ්වාස කරනවා.’’ යනුවෙන් චන්ද්‍රා මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

මෙම සම්මාන රාත‍්‍රියේදී එයාර්ටෙල් සමාගමේ best and brightest සේවක සේවිකාවන් කාණ්ඩ 4ක් ඔස්සේ ඇගයීමට ලක් කළ අතර එහිදී ජයග‍්‍රාහකයින්ගේ හිත මිතුරන්ට, පවුුලේ සාමාජිකයින්ට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමේ අවස්ථාව ද හිමි වීම විශේෂත්වයකි. එහිදී ආයතනයේ ආදායම් වර්ධනය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් හිමි කර දුන් පුද්ගලයන් හා කණ්ඩායම් ‘Achievers Awards – Sales’ සම්මානයෙන් පිදුම් ලැබීය.

එසේම ඉහළම විශ්ලේෂණය/නව නිෂ්පාදන/සේවා හා වෙනත් හැකියාවන් භාවිතා කරමින් පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් මෙන්ම පාරිභෝගික අත්දැකීම් සැළකිය යුතු ලෙස ඉහළ නැංවීම සඳහා නව්‍ය දායකත්වයක් ලබා දුන් සේවකයින් වෙනුවෙන් ‘Achievers Awards – Customer Centricity’ සම්මානයද මෙහිදී හිමි කර දෙනු ලැබීය.

මීට අමතරව එයාර්ටෙල් ලංකාහි මෙහෙවර හා වටිනාකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටිමින් ඒ වෙනුවෙන් පුද්ගලිකව කැපවූ සේවකයන් ඇගයීම වෙනුවෙන් ‘Achievers Awards – Functional’ කාණ්ඩය යටතේ ද සම්මාන හිමි කර දෙනු ලැබීය.

එසේම ආරම්භයේ සිටම සමාගම සමඟ එක්වෙමින් කටයුතු කළ එයාර්ටෙල් සාමාජිකයන්ගේ හිතෛෂීභාවය හා කැපවීම අගය කරමින් ‘Long Service Awards’ සම්මානයද පිරිනමනු ලැබුවේ සම්මාන උළෙලට ජීවයක් එක්කරමිනි.

Visits: 67