Eventsප්‍රවර්ධනපුවත්සංවර්ධන

කලම්බු පෝර්ට් සිටියේ සන්නාමය අලුත් වෙයි

කලම්බු පෝර්ට් සිටි හෙවත් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සන්නාමය අද සන්ධ්‍යාවේ සිට නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට එහි බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව කලම්බු පෝර්ට් සිටියේ ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් තුළ මෙම නව සන්නාමය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් යෝජිත විශේෂ ආර්ථික කොමිෂන් සභාව පිළිබඳ කෙටුම්පත අද පස්වරුවේදී පාර්ලිමේන්තුව තුළ බහුතරය කැමැත්ත සහිතව සම්මතවීමෙන් අනතුරුව මෙම නව සන්නාමය එළිදැක්වීම සිදුව තිබීමත් විශේෂත්වයකි.

මෙතෙක් කලක් තිබූ නිල් පැහැයෙන් යුතුවූ සන්නාමය වෙනුවට මෙලෙස ගොඩනැගිලි කිහිපයක් සහ ගෝලාකාර හැඩටක් මත එහි ප්‍රතිබිම්භය දැක්වෙන ආකාරයේ නිර්මාණය කෙරුණු සන්නාමයක් මෙලෙස අලුතින් දියත් කර තිබේ.