පිරාමාල් ග්ලාස් ලාභාංශ ගෙවීම ශත 58 යිලු
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළීබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 58ක් බැගින් හිමිවන ලෙස මෙම ලාභාංශ ලබා දීම සිදු කරන බව සඳහන් වෙයි.
මෙය 2020-2021 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බවද පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම පවසා සිටියි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අගෝස්තු 03 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 26 වැනිදා නම් කෙරී ඇත.
මේ අතර අදාළ ලාභාංශ ගෙවීම පිළිබඳ අවසන් තීරණය සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවීම අනිවාර්යය වෙයි. ඒ අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා වන සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූලි 22 වැනිදා පැවැත්වෙන බවත් පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම සඳහන් කරයි.
අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 11.70ක් ලෙස සටහන් විය. එය පසුගිය සිකුරාදා කොටසක වටිනාකම වූ රුපියල් 11.60ට සාපේක්ෂව ශත 10ක එනම් 0.86% ක ඉහළ යාමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 186