ඩීමෝ ලංකා සමාගම මස්කෙළියේ මෝකා A – ජල සැපයුම් ව්‍යාපෘතිය නිම කරයි

ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරිං පීඑල්සී (ඩීමෝ ලංකා) සමාගමේ යාන්ත්‍රික ඉන්ජිනේරු ඒකකය මගින් නුවරඑළිය මස්කෙළියේ පිහිටි මෝකා වතුයායේ සිදු කළ මෝකා A – පානීය ජල සැපයුම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කළ බව එම සමාගම පවසයි.

මෙම ජල පවිත්‍රාගාරය තුළ රළු වැලි පෙරණ දෙකක්, මන්දගාමී වැළි පෙරණ දෙකක්, ක්ලෝරීනීකරණ යන්ත්‍රයක් සහ ගබඩා ටැංකියකින් සමන්විත වෙයි.

ඩීමෝ ලංකා සමාගම සඳහන් කරන අකාරයට මෙම පවිත්‍රාගාරය සතුව දිනකට ජල ඝනමීටර් 200ක ධාරිතාවක් පිරිසිදු කිරීමේ හැකියාව පවතී.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය හරහා මස්කෙළියේ මෝකා වතුයායේ නිවාස 300කට පමණ පානීය ජල අවශ්‍යතාවන් සපුරා දෙන බවත් ඩීමෝ ලංකා සමාගම සඳහන් කරයි.

Visits: 131