අලුත් වුණු ‘සතොස’
රජයට අයත් වෙළෙඳසැල් ජාලයක් වන ලංකා සතොස ලිමිටඩ් සමාගම නව සන්නාමයක්ද සමගින් නැවත එළිදැක්වීම පසුගියදා සිදු විය. ඒ අනුව ජා ඇල පිහිටි සතොස නව මෙගා ශාඛාව විවෘත කරමින් සතොස ලිමිටඩ් සමාගම මෙම අවස්ථාව සනිටුහන් කර තිබේ.
වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදුව තිබේ. ලංකා සතොස මෙතෙක් යොදා ගත් සන්නාමයන්ට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ නව සන්නාමයක් සහිතව මෙම නව දියත් කිරීම සිදුව තිබේ.
එසේම එතෙක් මෙතෙක් ලංකා සතොස වෙළෙඳසැලකින් පාරිභෝගිකයන්ට නොලැබුණු අත්දැකීම් ලබා දෙමින් මෙම නව මෙගා ශාඛාව අලුත්වැඩියා කර ඇතැයිද ලංකා සතොස ලිමිටඩ් සමාගම පවසයි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/04/sathosa-1024x600.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/04/161580883_2159962500807346_4639165965524759361_n-1024x472.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/04/160242818_2159962450807351_6740252774623969109_n-1024x472.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/04/161070515_2159962697473993_9042745083589681798_n-1024x472.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/04/160217041_2159962767473986_8917009794396262356_n-1024x472.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/04/166379189_2889745614646628_7032344008474848203_n.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 126