‘සිනොෆාම්’ එන්නත් තොගය ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයකින් දිවයිනට
කොවිඩ් මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද “සිනොෆාම්” (Sinopharm BBIBP-CorV ) එන්නත් මාත්‍රා තොගය අද උදෑසන (මාර්තු 31) UL869 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් චීනයේ බීජිං නුවර සිට මෙරටට රැගෙන එන ලද බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශය විසින් මෙම එන්නත් තොගය හැසිරවීමේ කටයුතු සිදුකරන ලද බව එම ගුවන් සේවය සඳහන් කරයි.


Hits: 37