ජාතික කාන්තා දින සැමරුම් උළෙලේ දී මහජන බැංකුවෙන් නව සේවාවන් රැසක්

ජාතික කාන්තා දින සැමරුම්  උත්සව මාලාවේ  සමාරම්භය මාර්තු 8 වැනිදා කොළඹ 7, නිදහස් චතුරස‍්‍රයේදි අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සංවිධානය වූ අතර, මෙහිදි ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දුන් විශේෂයෙන් සන්නාමනය කරන ලද වනිතා වාසනා ඩෙබිට් කාඩ්පත (Branded debit card) එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් ගරු අග‍්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම සිදු වී තිබේ.

එමෙන්ම මෙදින මහජන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්ම ‘Vanitha Vasana Smart Ladies’ සය මාසික ඉතුරුම් තැන්පතු සහතිකය සහ අරපිරිමැස්ම ඔස්සේ වනිතා පරපුරේ ආර්ථික ශක්තිය ක‍්‍රමානුකුලව ඉහළ නැංවීමේ පරමාර්ථයෙන් වනිතා වාසනා Money Planner ආයෝජන සැලසුම් ගිණුම ද හඳුන්වා දීම සිදු විය.

මෙම අවස්ථාවට අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්  පීරිස්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා ඇතුඵ මැති ඇමතිවරුන්, අමත්‍යංශ ලේකම් ශ‍්‍රීයානි ධම්මිකා කුමාරි ජයසේකර, මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (කි‍්‍රයාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ/ පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ හා අලෙවි ප‍්‍රධානි නාලක විජේවර්ධන යන මහත්ම මහත්මින් සහභාගි වී තිබේ.

‘රටකි, දැයකි, ලොවකි, ඇය’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාවේ පළමුවැන්න මෙලෙස ‘අම්මාවරුනේ ’නමින් නිදහස් චතුරස‍්‍රයේදි පැවති අතර, මාර්තු 9 වැනිදා ‘දියණිය’ නමින් පදනම් ආයතනයේදිත්, මාර්තු 10 ‘ව්‍යවසාය ඇගයුම’ නමින් මීගමුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේදිත්, මාර්තු 11 ‘දිරිය ජනනි’  නමින් ළමා රක්ෂණ අධිකාරියේදිත්, මාර්තු 12 ‘නැණ ප‍්‍රදීප’ නමින් ළමා ලේකම් කාර්යාලයේදිත්, මාර්තු 13 ‘පළමු පාසල මව්කුසයි’  යන නමින් කඵතර උතුර අශෝකාරාම විහාරස්ථානයේදිත්, මාර්තු 14 ‘මාතෘ වන්දනා’ නමින්  අම්පාර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදිත් පැවැත්වෙ බව මහජන බැංකුව පවසයි.

Views: 20