ලෝටස් හයිඩ්‍රො පවර් පීඑල්සී රුපියල බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන ලෝටස් හයිඩ්‍රො පවර් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී තීරණය කෙරී ඇත.

ලෝටස් හයිඩ්‍රො පවර් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.

ඒ අනුව ලබන අප්‍රේල් 09 වැනිදා මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස නම් කෙරී ඇති අතර, මාර්තු 19 වැනිදා ලාභාංශ රහිත දිනය (XD Date) ලෙසින් ප්‍රකාශයට පත් කෙරී ඇත.

මෙහිදී ලාභාංශ ගෙවීම සම්බන්ධ යෝජනාව සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම පවසයි.

එසේම ඊයේ දිනයේ ගනුදෙනු නිමාවේදී ලෝටස් හයිඩ්‍රො පවර් පීඑල්සීහි ඡන්ද හිමි කොටසක වටිනාකම රුපියල් 9.40ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේදී වාර්තා කළ කොටසක අගය වූ රුපියල් 9.70ට සාපේක්ෂව ශත .30 කින් එනම් 3.09% ක පහළ වැටීමකි.

Visits: 342