මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ 02, මහජන බැංකු මූලස්ථාන ශාඛාවේදී අද (මාර්තු 08) පැවැත්වී තිබේ.

මෙහි විශේෂ ආරාධිත අමුත්තිය ලෙස ශී‍්‍ර ලංකා යුද හමුදාවේ කාන්තා රෙජිමේන්තුවේ පළමුවන කාන්තා බලකායේ අණදෙන නිලධාරිනි මේජර් චතුරිකා බෝම්බුවල මහත්මිය සහභාගි වූ අතර, ඇය විසින් විශේෂ දේශනයක්ද සිදු කර තිබේ.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ, වයි.පී ප‍්‍රනාන්දු, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිනී කුමුදුනී හේරත්, දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් චම්පා වීරසිංහ, ප‍්‍රවීණ කලාකාරිනි රේණුකා බාලසූරිය යන මහත්මීන් ඇතුඵ  රාජ්‍ය නිලධාරිනියන්, වෘත්තියවේදිනියන්, ව්‍යවසායිකාවන් ඇතුඵ මහජන බැංකුවේ ගනුදෙනුකාරිනියන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වී ඇත.

එමෙන්ම මෙහිදි මහජන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්ම ‘Vanitha Vasana Smart Ladies’ තැන්පතු සහතිකය, වනිතා වාසනා Money Planner ආයෝජන සැලසුම් ගිණුම සහ වනිතා වාසනා ගිණුම වෙනුවෙන්ම සන්නාමය කරන ලද හර කාඩ්පත (Branded Debit Card) හඳුන්වාදීමද මෙදින සිදු කෙරිණි.

මීට අමතරව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Vanitha Vasana Smart Ladies සහ වනිතා වාසනා Money Planner ආයෝජන සැලසුම් ගිණුම විවෘත කරන වනිතාවන්ට ලබාදෙන සුවිශේෂි වට්ටම් සඳහා වෙළඳ ආයතන සමඟ ගිවිසුම් හුවමාරු කරගැනීමද මෙදින සිදුවිය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් හා ඩිජිටල්) කේ.බී. රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (නීති) රොහාන් පතිරගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (කි‍්‍රයාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ/ පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ මහත්මිය ඇතුඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගි වී තිබේ.

මීට සමගාමීව, දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛාවන්හි ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සව නිරෝධායන නීති රීති වලට අනුකුලව සංවිධාන කෙරුණු බවද මහජන බැංකුව පවසයි.

Views: 22