HNB මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සමඟ එක්වෙයි

මෙරට අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතන සඳහා වන සිය සහයෝගය තවදුරටත් ඉදිරියට ගෙන යමින් HNB පසුගියදා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සමඟ අත්වැල් බැඳගනු ලැබූ බව පවසයි.

එම හවුල්කාරීත්වය යටතේ ත‍්‍රිත්ව විද්‍යාලයේ ප‍්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් වෙත සුවිශේෂී ප‍්‍රතිලාභ හා දීමනා හිමි කර දෙන ආකාරයේ ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දීමට HNB කටයුතු කරන ලදී.

එසේම මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ 150 වැනි සංවත්සරය සඳහා බැංකු හවුල්කරු ලෙස කටයුතු කිරීමේ වගකීම ද මෙහිදී HNB සතු වූ අතර එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මගින් පාසලේ යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් පිහිටුවන ලද Trinity 150 (T150) ව්‍යාපෘතියෙහි අරමුදල් රැස්කිරීම සඳහා ද  HNB දායක වීමට නියමිතය.

ත‍්‍රිත්ව විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා HNB නියෝජනය කරමින් එහි පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  සන්ජේ විජේමාන්න, HNB ප‍්‍රධාන ණය නිළධාරී, නිරෝෂ් පෙරේරා, HNB ජාල කළමනාකරණ හා ව්‍යාපාර සංවර්ධන ප‍්‍රධානී, සුපුන් ඩයස්, HNB කාඞ් අංශ ප‍්‍රධානී ගෞතමී නිරන්ජන් යන මහත්ම මහත්මීන් එක් වූ අතර මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති ගරු අරලිය ජයසුන්දර පියතුමා, ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි සභාපති සේනක අලවත්තේගම, කෑගල්ල ශාඛාවේ සභාපති/පත්කළ සභාපති සබරගමු පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව, Trinity 150 හි උපදේශ හා අධීක්ෂණ කමිටු සභාපති ජයන්තිස්ස රත්වත්තේ සහ ත‍්‍රිත්ව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ප‍්‍රසන්න පලිහවඩන යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

මෙහිදී ත‍්‍රිත්ව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සාමාජිකයන් වෙත ලබා දුන් කාඞ්පත් හරහා ප‍්‍රතිලාභ රැසක් හිමිකර දීමට ද HNB වෙත හැකියාව උදා විය. HNB හි වෙළෙඳ හවුල්කාර ජාලයෙන් මිලදී ගන්නා භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් හා දීමනා ලබා දීමට කටයුතු කර ඇති අතර විශේෂයෙන් Old Trinitians’ Sports Club තුළින් මිලදී ගන්නා ක‍්‍රීඩා භාණ්ඩ සඳහා ඔවුන්ට හොඳම වට්ටම් හා ප‍්‍රතිලාභ හිමි කර ගත හැකිය. ඊට අමතරව මෙම කාඞ්පත් හිමියන් හට සියලූ ගනුදෙනු පිළිබඳ නොමිලේ කෙටි පණිවිඩ, නොමිලේ සෞඛ්‍ය හා ජීවිත රක්ෂණාවරයක් සහ විදේශ ගමන්වලදී සංචාරක රක්ෂණාවරණයක්ද හිමි කර දීමට HNB කටයුතු කර ඇත. එසේම මේ සමඟ නොමිලේ අතිරේක කාඞ්පතක්ද කාඞ්පත් හිමියන් හට හිමිවන අතර එම පළමු වසරේ ගාස්තු ගෙවීමක් අවශ්‍ය නොවීමද සියලූම බැංකු කටයුතු සඳහා සම්බන්ධ වීමේ ගාස්තුවලින් නිදහස් වීමද විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

තවද පාසලට ඇතුළත් වීමේ සහ පාසල් ගාස්තු ගෙවීමේදී පොලී හෝ මෙහෙයුම් ගාස්තු රහිතව මාස 3, 6, 12 යනාදී වාර්ක සැළසුම් මගින් ගෙවීමේ පහසුකම ද මෙම කාඞ්පත් හිමියන්ට ලබා දී තිබීම ඔවුන්ගේ ආර්ථිකයට ද වැදගත් වනු ඇතැයි HNB පවසයි.

Visits: 23