ප්‍රීමා කොත්තු මී ‘රබන් Mashup’ ජාත්‍යන්තර One Show සම්මාන උළලේදී ඇගයේ

රසය සොයන තරුණ විනෝදකාමීන්ගේ ආදරය දිනාගත් ‘ප‍්‍රීමා කොත්තු මී’ ඩිජිටල් අවකාශය හරහා තවදුරටත් පාරිභෝගිකයන් වෙත සමීප කිරීම වෙනුවෙන්, ප‍්‍රීමා කොත්තු මී සන්නාම තානාපති ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ආකර්ෂණය දිනූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා යොදාගනිමින් පසුගිය වසරේදී නිර්මාණය වූ  ‘රබන් Mashup’ ප‍්‍රවර්ධන වීඩියෝව ජාත්‍යන්තර ඇගයීමකට ලක්ව තිබේ.

ලොව පුරා සිටින දැන්වීම්කරණ, නිර්මාණකරණ හා ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨයන් ඇගයීම වෙනුවෙන්  ‘The One Club’ ජාත්‍යන්තර ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සම්මාන උළෙල වන ‘One Show’ සම්මාන උළෙලේදී 2020 වසර වෙනුවෙන් ශ්‍රී ලාංකීය සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කරගනිමින් නිර්මාණය වූ හොඳම ප‍්‍රවර්ධන වැඩසටහනක් ලෙස  ‘rnkaMashup’ ප‍්‍රවර්ධන වීඩියෝව ඇගයීමට ලක්විය.

ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 17ක නගර 59ක් නියෝජනය කරමින් ඉදිරිපත් වූ 2600 ක දැන්වීම් ප‍්‍රමාණයක් අතරින් හොඳම නිර්මාණ 134ක් තෝරාගන්නා ලද අතර සමාජ මාධ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් තෝරාගනු ලැබුවේ ප‍්‍රීමා කොත්තු මී ‘rnkaMashup’ සහ තවත් එක් ශ්‍රී ලාංකීය නිර්මාණයක් පමර්‍ණ.

‘Creativity is a Light in the Dark’ තේමාව යටතේ මෙවර සංවිධානය කරන ලද One Show සම්මාන උළලේදී ගෝලීය වසංගත තත්ත්වය හමුවේ නිර්මාණශීලී ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳ අවධානය යොමුකෙරිණ. මෙවර One Show සම්මාන උළෙලේදී සාම්ප‍්‍රදායිකව සම්මාන උළෙලකදී රන්, රිදී, ලෝකඩ වශයෙන් පිරිනැමෙන සම්මාන වෙනුවට විශේෂ මුද්‍රිත සහතික පත‍්‍රයක් ජයග‍්‍රාහකයන් වෙත පිරිනැමීම විශේෂත්වයකි.

සාම්ප‍්‍රදායික ශ්‍රී ලාංකීය රබන් පද නාද මාලාවන් නව සංගීතය හා මුසුකරමින් නිර්මාණය වූ මෙම ප‍්‍රීමා කොත්තු මී ප‍්‍රවර්ධන වීඩියෝව TBWA\ Sri Lanka දැන්වීම් නිර්මාණ ආයතනයත්, යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා සහ Redfox Audio Productions එකමුතුවේ අනගි නිර්මාණයකි.

සති දෙකක් වැනි ඉතා කෙටි කාල සීමාවක් ඇතුලතදී සමාජ මාධ්‍ය ජාල සියල්ලේම පාහේ අතිවිශාල රසික ආකර්ෂණයක් දිනාගත් ප‍්‍රීමා කොත්තු මී ‘rnkaMashup’ වීඩියෝව ඩිජිටල් මාධ්‍යය තුළ ශ්‍රී ලාංකික වෙළෙඳ සන්නාමයක් දිනාගත් ඉහළම ජනතා අවධානය දිනාගැනීමට සමත් විය.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අතර වඩාත්ම ජනප‍්‍රිය සමාජ මාධ්‍ය Appඑකක් වන TikTok තුළ පමණක් මිලියන 1.8 ක් සහ  අනෙකුත් සමාජ මාධ්‍ය තුළ මිලියන 3.2 ක ප‍්‍රතිචාර දිනාගත් ප‍්‍රීමා කොත්තු මී ‘rnkaMashup’ වීඩියෝව එදාමෙදාතුර TikTok මාධ්‍ය තුළ අති සාර්ථකත්වයට පත් වූ සන්නාම ප‍්‍රවර්ධන වීඩියෝ නිර්මාණයක් බවට පත්ව තිබේ.  එමෙන්ම Ad Stars 2020වෙළෙඳ දැන්වීම් නිර්මාණ අතර ‘හොඳම TikTok නිර්මාණ 20’ අතරට ප‍්‍රීමා කොත්තු මී රබන් Mashup නිර්මාණය පැමිණි අතර වෙළෙඳ නාම වෙනුවෙන් නිර්මාණය වූ ජනප‍්‍රියතම වීඩියෝ 35 අතරටද එය එක්ව තිබේ.

Views: 33