හැටන් නැෂනල් බැංකුව රුපියල් 4.50 බැගින් ලාභාංශ ගෙවීමට යයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හැටන් නැෂනල් බැංකුව මගින් සිය ඡන්ද හිමිකම සහිත සහ ඡන්ද හිමිකම රහිත කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට යෝජනා කර ඇතැයි පවසයි.
පසුගියදා පැවැත් වුණු එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.
ඒ අනුව මෙහිදී සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.50 බැගින් සහ සෑම ඡන්ද රහිත කොටසක් සඳහාද රුපියල් 4.50 බැගින් ලාභාංශ ගෙවීමට යෝජනා වී ඇත.
2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන මෙම ලාභාංශ අවසන් ලාභාංශ ලෙස බැංකුව සඳහන් කරයි. මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අප්‍රේල් 12 වැනිදා නම් කෙරී තිබේ.
කෙසේ වෙතත් මෙහිදී ලාභාංශ ගෙවීම පිළිබඳ තීරණයට බැංකුවෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමි විය යුතුව ඇති බවත්, ලබන මාර්තු 30 වැනිදා පැවැත්වෙන එම බැංකුවෙහි වාර්ෂික මහා සභා රැස්වීමේදී ඒ පිළිබඳව අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇති බවත් බැංකුව සඳහන් කරයි.
ඒ අනුව ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන මාර්තු 31 වැනිදා නම් කෙරී ඇත.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 274