ලංකා දුම්කොළ සමාගමට 2021 විශිෂ්ඨතම සේවායෝජකයෙක් (A Top Employer) සහතිකය

සී/ස ලංකා දුම්කොළ සමාගම (CTC) එහි ඉහළ සේවක හිතකර මෙහෙයම් කාර්යය හේතුකර ගනිමින් 2021 විශිෂ්ඨතම සේවායෝජකයෙකු ලෙස සම්මානයට පාත‍්‍ර වූ බව පවසයි. සේව්‍ය කටයුතු සම්බන්ධයෙන් සහතික කිරීමෙහිලා ගෝලීය ප‍්‍රමුඛත්වය දරණ ආයතනය වන ඉහළ සේවායෝජකයින්ගේ ආයතනය (Top Employers Institute) මඟින් මෙම සම්මානය පිරිනමා තිබේ.

2021 වර්ෂය සඳහා මෙම සහතිකය ලබාදුන් එකම ශ‍්‍රී ලාංකීය ආයතනය වන්නේ ලංකා දුම්කොළ සමාගමයි. මෙම ඉහළ සේවා සහතික කිරීමේ වැඩසටහනෙහි ඇති විශේෂත්වය වන්නේ එමඟින් අදාළ ආයතන සඳහා ඔවුනගේ සේවා ස්ථාන පරිසරය පිළිබඳ තක්සේරුවක් ඇතිකර ගැනීමට හැකියාව ලැබීම මෙන්ම සේවකයන්ට සිය හැකියාවන් වැඩිදියුණු කරගැනීමේ අවස්ථාවද නිර්මාණය වීමයි.

මෙයින් වසර 25 කට පෙර නෙදර්ලන්තය මූලස්ථානය කරගනිමින් ආරම්භ වූ ඉහළ සේවායෝජකයින්ගේ ආයතනය, කලාප සහ රටවල් 119 ක සංවිධාන 1600 කට අධික ප‍්‍රමාණයක් සහතික කර ඇත. එමගින් ගෝලීය වශයෙන් මිලියන 6.9 කට අධික සේවකයින් පිරිසකගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිකිරීමට ද සමත්ව ඇත.

මෙම සුවිශේෂී ජයග‍්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා දුම්කොළ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්‍ෂ නෙඩාල් සලෙම් මහතා ‘‘ආයතනයක් විදිහට අපගේ මානව සම්පත් ප‍්‍රතිපත්තිය නිරන්තරව යාවත්කාලීන කරමින් ආයතනික සාමාජිකයින් සඳහා වඩා හිතකර වෘත්තීය පරිසරයක් නිර්මාණය කිරීම, ඔවුන්ගේ දියුණුව උදෙසා අවශ්‍ය පහසුකම් සැපයීම වගේම ඔවුන් හට නව අවස්ථා ලබාදීම වැනි කරුණු සම්බන්ධයෙන් අප සිදුකළ කැපවීම මේ අයුරින් ඇගයීමට ලක්වීම අපි අතිශය සතුටට වගේම ආඩම්බරයට පත්වීමට හැකි තත්ත්වයක්.’’ යනුවෙන් ප‍්‍රකාශ කර සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ‘‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සේවායොජකයා ලෙස අපගේ කීර්තිය රැකියා වෙළෙඳපොළ තුළ පවතින්නේ ඉහළම ස්ථානයකයි. එම ජයග‍්‍රහණය පිටුපස ඇති ශක්තිය අපගේ ආයතනයේ සමාජික සාමාජිකාවන් බව රහසක් නොවේ. ආයතනයක් විදිහට අපි ඔවුන්ගේ වර්ධනය වෙනුවෙන් අඛණ්ඩව කැප වී සිටිනවා. එය අපගේ ආයතනයේ වර්ධනය සඳහා පමණක් නොව පොදුවේ ශ‍්‍රී ලාංකීය හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකරනා ආයෝජනක්.’’ යනුවෙනි.

ලංකා දුම්කොළ සමාගමේ මානව සම්පත් අධ්‍යක්‍ෂ අරුණි අබේසේකර අදහස් දක්වමින් ප‍්‍රකාශකර සිටියේ, ‘‘කර්මාන්තයක් ලෙස සහ සංවිධායක් ලෙස පරිවර්තනය වීමේ වේගය රදාපවතින්නේ අප සාමාජිකයින්ගේ අපේක්‍ෂාව, දිරිමත්බව මෙන්ම දරාගැනීම වැනි කරුණු මතයි. ඔවුන් බලගැන්වීම සහ ඔවුන් වෙත වගකීම පැවරීම මගින් ඔවුන් තුළ එම කාර්යයන් අඛණ්ඩව සිදුකරමින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව මෙන්ම ශක්තිය නිර්මාණය වෙනවා. ආයතනයක් විදිහට අපි කරන්නේ අපගේ සේවකයින් හට සිය විශිෂ්ඨත්වය විදහා දැක්වීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරදීමයි.’’

ආයතනයක් ලෙස නිරන්තරව සිය සාමාජකයින් හට ජාත්‍යන්තර වෘත්තීය අවකාශයන් මෙන්ම විශේෂඥ මාර්ගෝපදේශ ඔස්සේ ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමට යොමුවී ඇති ලංකා දුම්කොළ සමාගම, ජාත්‍යන්තර තලයේ වෘත්තීය සුදුසුකම් ලබාදීම තුළින් ඔවුනගේ හැකියාවන් වර්ධනය කිරීම උදෙසා අඛණ්ඩ දායකත්වයක් ලබාදෙනු ලබයි.

ලංකා දුම්කොළ සමාගම , බි‍්‍රතාන්‍ය අමරිකානු දුම්කොළ සමාගමේ (BAT) සාමාජිකයකු වන අතර, ශතවර්ෂයකට අධික කාලයක සිට එය දේශීය ව්‍යාපාරික පරිසරය සමඟ සබැඳි ආයතනයකි. ‘‘වඩා යහපත් හෙටක්’’ නිර්මාණය කිරීම වෙනුවෙන් අඛණ්ඩව ශක්තිමත්ව කටයුතු කරන සිය හැකියාවන්ගෙන් පිරිපුන් මිනිසුන් වෙත එම ආයතනය, ස්තුතිය පුදකර සිටී.

Visits: 131