ආරච්චිකට්ටුව ලංකා සී ෆුඩ්ස් නිෂ්පාදනාගාරය අගමැති අතින් විවෘත වේ

පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ස්ථාපිත කළ ලංකා සී ෆුඩ්ස් නිෂ්පාදනාගාරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා විවෘත වී තිබේ.

විදේශ වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් මත්ස්‍ය අපනයනයේ යෙදෙන ලංකා සී ෆුඩ්ස් සමාගම රැකියා 600ක් පමණ උත්පාදනය කර තිබේ.

විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නව නිෂ්පාදනාගාරය තුළ  ඉහළ ප්‍රමිතියෙන් යුතු මත්ස්‍ය සැකසුම් සිදුවන ආකාරය මෙහිදී අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

අපනයන ප්‍රමිතියෙන් යුතු ලංකා සී ෆුඩ්ස් නිෂ්පාදන ඉදිරියේ දී  දේශීය පාරිභෝගිකයන් උදෙසා රට පුරා පිහිටුවන වෙළඳසැල් ජාලාවක් ඔස්සේ මිලදී ගැනීමට අවස්ථාව උදා වේ.

ලංකා සී ෆුඩ්ස් ආයතනයේ ඉදිරි දැක්ම පිළිබඳව එහි සභාපති සරත් කිත්සිරි මහතා මෙහිදී අගමැතිවරයාට පැහැදිලි කර ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක මායාදුන්නේ, අශෝක ප්‍රියන්ත යන මහත්වරු ඇතුළු ලංකා සී ෆුඩ්ස් නිෂ්පාදනාගාරයේ කාර්ය මණ්ඩලය එක්ව සිට ඇත.

Views: 93