ගාලු මුවදොර පිටියේ ඉදිවන ආදර්ශ වෙළෙඳ කුටි ජනපති නිරීක්ෂණයට

කොළඹ ගාලුමුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳ කුටි අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකොට ගත් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස වෙළෙඳ කුටි පද්ධතිය ඉදි කෙරේ.

නාවික හමුදාව නව සැලැස්මට අනුව  ආදර්ශ වෙළෙඳ කුටි නිර්මාණය කර තිබේ. ගාලුමුවදොර පිටියට ආකර්ශණීය පෙනුමක් ලැබෙන අයුරින් වෙළෙඳ කුටි ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න,  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිට ඇත.

Views: 60