SMB ලීසිං වෙතින් ශත 35 බැගින් හිමිකම් කොටස් බිලියන 6ක නිකුතුවක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන SMB ලීසිං පීඑල්සී සමාගම සිය හිමිකම් කොටස් නිකුතුවක් සඳහා පියවර ගෙන ඇතැයි පවසයි.
බැංකු නොවන බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සතුව පැවතිය යුතු බවට මහ බැංකුව විසින් නියම කර ඇති මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගැනීම වෙනුවෙන් සහ සිය මෙහෙයුම් පුළුල් කිරීම සඳහා මෙම හිමිකම් කොටස් නිකුතුව සිදු කරන බව SMB ලීසිං පීඑල්සී සඳහන් කර සිටියි.
පසුගිය වසරේ දෙසැම්බර් 09 වැනිදා පැවැත් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මීට අදාළ තීරණය ගෙන තිබේ. ඒ අනුව දැනට සමාගම නිකුත් කර ඇති එක් ඡන්ද හිමි සාමාන්‍ය කොටසක් වෙනුවෙන්ම අලුතින් ඡන්ද හිමි සාමාන්‍ය කොටස් 5ක් ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුම වී ඇත.
එහිදී අලුතින් නිකුත් කෙරෙන කොටස් සංඛ්‍යාව 5,958,833,860කි. එක් කොටසක් ශත 35 බැගින් නිකුත් කෙරෙන අතර ඒ හරහා සමාගම මගින් රැස් කරගැනීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 2ක් (2,085,591,851කි).
මෙම නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිට සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 919 ක් (919,064,114ක්) ලෙස සටහන්ව ඇත.
මෙම හිමිකම් කොස් නිකුතුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගිය පෙබරවාරි 03 වැනිදා සිය අනුමැතිය ලබා දී තිබේ.
එසේම මෙම නිකුතුව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය හිමිවීමට නියමිතව ඇති බවත්, නිෂ්ඡන්ද සාමාන්‍ය කොටස් සම්බන්ධයෙන් අනුමැතිය විශේෂිත යෝජනාවක් ලෙස වෙනම හමුවක් හරහා සිදු කිරීමටත්, ඡන්ද හිමි කොටස් සඳහා මහා සභා රැස්වීමක් හරහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් ලබා ගැනීමටත් නියමිතව තිබෙන බවද SMB ලීසිං පීඑල්සී සමාගම පවසයි.
මෙරට තුළ ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් තවදුරටත් සිය මෙහෙයුම් පවත්වාගෙන යාමට නම් තමන් සතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සැපිරීම අනිවාර්යය බව මහ බැංකුව දැනුම්දී තිබේ.
ඒ අනුව එහි පළමු අදියර ලෙස ලෙස 2020 දෙසැම්බර් 31 වැනිදා වනවිට එම සමාගම් රුපියල් බිලියන 2ක ප්‍රාග්ධනයක් සපුරාගත යුතු අතර, එම සමාගම් වෙත එවැන්නක් සිදු කරගත නොහැකි වුවහොත් 2021 දෙසැම්බර් 31 වැනිදා වන විට එය රුපියල් බිලියන 2.5ක් විය යුතුය.
එහිදී අදාළ ප්‍රාග්ධන අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට සමාගම් ඒකාබද්ධවීමක් හෝ සමාගම් විසින් සිදු කරන මෙවැනි හිමිකම් කොටස් නිකුතු සිදු කිරීමේ අවස්ථාවක් පවතී.

Hits: 622