ඉෂාර විකිණූ කොටස් බිලියන 2 මිලදී ගෙන ඇත්තේ ඉෂාරමයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමෙහි කොටස් බිලියන 2ක් (2,095,809,270ක්) මිලදී ගැනීමට බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමේ පූර්ණ පරිපාලිත සමාගමක් වන බී.අයි. හෝල්ඩිංග්ස් සමාගම අද (පෙබරවාරි 01 දා) පියවර ගත් බව පවසයි.
මෙහිදී එක් කොටසක් රුපියල් 6.40 බැගින් අලෙවි කෙරී ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 13 ඉක්මවා තිබේ.
මෙහිදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සතුව තිබූ මෙම කොටස් අලෙවි කර ඇත්තේ එහි කොටස් හිමිකරුවන් වන ඔක්ස්ෆර්ඩ් කැපිටල් (පෞද්) සමාගම සහ චර්චිල් කැපිටල් (පෞද්) සමාගම යන සමාගමේ දෙකයි. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් කැපිටල් (පෞද්) සමාගම සතුව තිබූ කොටස් 1,110,000,000ක් සහ චර්චිල් කැපිටල් (පෞද්) සමාගම සතුව තිබූ කොටස් 985,809,270 ක් ලෙස මෙම කොටස් අලෙවිය සිදුව තිබේ.
මෙම සමාගම් දෙකෙහිම එකම අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරුවා වන්නේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා මෙන්ම එල්ඕඑල්සී සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතාය.
ඒ අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සීහි විධායක සභාපතිවරයා ලෙස ඉෂාර නානායක්කාර මෙම කොටස් ප්‍රමාණය අත්හරින බව එම සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා තිබේ.
එසේම මෙම මිලදී ගැනීමත් සමගින්ම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ මවු සමාගම වන බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සතුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම තුළ පවතින කොටස් ප්‍රතිශතය 46.06% සිට 60.64% දක්වා ඉහළ යාමක් සිදුව ඇතැයිද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Hits: 4434