ෆැෂන් බග් “රූ සිත්තම්” ළමා චිත්‍ර තරගාවලියෙන් සිදුවූ සමාජ මෙහෙවරට අගමැති අතින් හරසර

මෙරට කීර්තිමත් විලාසිතාගාර ජාලයක් වන ෆැෂන් බග් විසින් චිත්‍ර නිර්මාණකරණය හරහා ශ්‍රී ලාංකීය දරුවන්ගේ නිර්මාණශීලී චින්තනය වැඩිදියුණු කරමින් සමබර පෞර්ෂයක් සහිතව වැඩෙන්නට අත්වැලක් වීමේ අරමුණෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “රූ සිත්තම්” ළමා චිත්‍ර තරගාවලිය අගයමින්, ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් විශේෂ ඇගයීම් සම්මානයක් පසුගියදා පාර්ලිමේන්තු පරීශ්‍රයේදී හිමි වූ බව පවසයි.

ශ්‍රී ලාංකීය දරු පරපුරේ සුබ සාධනය වෙනුවෙන් ෆැෂන් බග් විසින් ආරම්භ කළ “සිසු දිරිමග” සමාජ සත්කාරක වැඩසටහනේ එක් කටයුත්තක් ලෙස වර්ෂ 2011 සිට “රූ සිත්තම්” ළමා චිත්‍ර තරගාවලිය වාර්ෂිකව ක්‍රියාත්මක කෙරේ. රත්මලාන අඳ ගොළු බිහිරි පාසැලේ ගුරුමණ්ඩලයකින් සැදුම්ලත් විනිසුරු මඬුල්ලකගේ ප්‍රධානත්වයෙන් ෆැෂන් බග් 2017 වසරේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙත “රූ සිත්තම්” ළමා චිත්‍ර තරගාවලියේ විශේෂ තරග කාණ්ඩයක් හඳුන්වා දෙන ලදී.

ෆැෂන් බග් දේශයේ දරුදැරියන්ගේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක කරනු ලබන “සිසු දිරිමග” සමාජ සත්කාරක වැඩසටහනේ තවත් පියවරක් ලෙස දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල සමග අත්වැල් බැඳගනිමින්, මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් 100,000 ක සිසු පිරිසක් තෝරාගනිමින් වෘත්තීය මාර්ගෝපදේශන හා අධ්‍යාපන කුසලතා සංවර්ධන වැඩමුළු මාලාවක් පවත්වන්නට සැලසුම්කොට ඇත. එහිදී අපොස උසස් පෙළ සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනයත් අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විභාග ජයගැනීමෙහිලා උපකාරීවන තාක්ෂණික මූලධර්ම පිළිබඳ දැනුවත් කෙරේ.

ෆැෂන් බග් ප්‍රධාන විධායක නිලධාරී ෂබීර් සූබියන් මහතා සම්මානය පිළිබඳ අදහස් දක්වමින් “ෆැෂන් බග් සැමවිටම ශ්‍රී ලාංකීය ජන සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් සමාජ සත්කාරක කටයුතුවලදී පෙරමුණ ගන්නා ආයතනයක් බව ශ්‍රී ලාංකිකයන් කවුරුත් හොඳින් හඳුනනවා. ගුණාත්මක නිෂ්පාදනයක් අලෙවි කිරීමෙන් පමණක් නොනැවතී අපේ පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කළ යුතුයි යන ෆැෂන් බග් ආයතනික දැක්ම අනුවයි මේ සියල්ලක් සිදුවන්නේ. ආයතනයක් විදිහට අපි විශ්වාස කරනවා අපේ රටේ ළමුන්ගේ අධ්‍යාපනික තත්ත්වයත් පෞර්ෂයත් ඉහළ නැංවීමට රටේ සියළු වගකිවයුතු පාර්ශව ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු බව. ෆැෂන් බග් අපේ ශක්ති ප්‍රමානයෙන් ඒ කටයුත්තට දායක වෙන්නට සිසු දිරිමග සමාජ සත්කාරක වැඩසටන් මාලාව ආරම්භ කළා. ශ්‍රී ලංකාවේ අනාගත පරපුර සවිබල ගන්වන්නට අප මෙතෙක් කළ සේවාව මේ ආකාරයෙන් අපේ රටේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඇගයීමට ලක්වීම අප ලැබූ ඉමහත් ගෞරවයක්. මේ සම්මානය ලබාදීම වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට අප හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.” යැයි පැවසීය.

Views: 69