LANKA QR ගෙවීම් පහසුකම ලබාදීමට මහජන බැංකුව හා සෙලින්කෝ ලයිෆ් අත්වැල් බැඳගනී

මහජන බැංකුවේ LANKA QR කේතය ඔස්සේ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ හිමියන්ට ගෙවීමේ පහසුකම් සලසා දීම සඳහා මහජන බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් අත්වැල් බැඳගත් බව පවසයි.

මේ සඳහා වන ගිවිසුම් හුවමාරු කරගැනීම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් විධායක සභාපති ආර්. රෙන්ගනාදන් යන මහත්වරුන් අතර පසුගියදා සෙලින්කෝ ලයිෆ් ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි.

සමාජයේ මුදල් භාවිතය අවම කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය අවම කිරීමේ අරමුණින් වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව මෙම LANKA QR සුවිශේෂී ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හඳුන්වාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, සෙලින්කෝ ලයිෆ් කළමනාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි ඊ.ටී.එල් රණසිංහ, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් හා ඩිජිටල්) කේ.බී. රාජපක්ෂ, ප්‍රධාන තොරතුරු නිලධාරි ධම්මික දාස, අලෙවි ප්‍රධානී නාලක විජේවර්ධන, ප්‍රධාන කළමනාකර (පීපල්ස් කාඩ්) ප්‍රසාද් මාරසිංහ, සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්ෂ (මානව සම්පත් හා පුහුණු) පී.ඩි.එම් කුරේ, අධ්‍යක්ෂ (ප්‍රධාන මුල්‍ය නිලධාරි) පාලිත ජයවර්ධන, අධ්‍යක්ෂ( නියෝජ්‍ය ප්‍රධාන මුල්‍ය නිලධාරි) රංග අබේනායක යන මහත්වරුන්ද සහභාගී වී තිබේ.

Visits: 26