ETI ෆිනෑන්ස් ලිමිටඩ් ගණන් බේරා වසා දැමීමට යයි

අර්බුදයට ලක්ව බලපත්‍රය අහෝසි කර ඇති ETI ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම ගණන් බේරා වසා දැමීම සඳහා නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලුම් කිරීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5) (ආ) වන වගන්තිය ප්‍රකාරව  ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ගණන් බේරා වසා දැමීම සඳහා, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින්, නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලීම් කිරීමට සැලැස්වීම සඳහා තීරණය කර තිබෙන බව පවසා සිටියි.

ඒ අනුව මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

Views: 183