බ්‍රිතාන්‍ය කවුන්සිලය, මෙරට කාන්තා සහ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට සහාය වෙයි

ඌව සහ මධ්‍යම පළාත්වල කාන්තාවන් සහ තරුණ තරුණියන් ආර්ථිකව සවිබල ගැන්වීමේහා ඔවුන් සාර්ථකව්‍යවසායකයන්බවට කිරීමේ අරමුණින් සුවිශේෂී සංවර්ධන වැඩසටහනක් සංවිධානය කිරීමට බ්‍රිතාන්‍ය කවුන්සිලය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන යටතේ ඔවුන්ගේ දැනුම, කුසලතා සංවර්ධනයසඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර එමගින්  සමාජීය සහ ආර්ථික ප්‍රවර්ධනයක් ද අපේක්ෂා කෙරෙයි.

යුරෝපා සංගමය මේ සඳහා  මුල්‍ය ආධාර ලබාදෙන අතර, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ CARE Deutschland-Luxemburg (CARE DL),  ක්‍රිසලිස්  ආයතනය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය  විසිනි.

මෙම ව්‍යාපෘතියයටතේ බ්‍රිතාන්‍ය කවුන්සිලය “සමාජ ව්‍යවසායන්” යන සංකල්පය ප්‍රවර්ධනය සඳහාබදුල්ල, මොනරාගල, මාතලේසහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ව්‍යවසායකයින් සමඟ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

ඒ අනුවපස් දින වැඩමුළු 24ක්තුළින් නවක ව්‍යවසායකයින් 628 දෙනෙකු සමාජ ව්‍යවසායන්  පිළිබඳව පුහුණු  කරන ලදී. මෙහිදී නායකත්ව කුසලතා සංවර්ධනය, සමාජීය සහ පාරිසරික ගැටලු හඳුනා ගැනීම තුළින් සමාජ ව්‍යාපාර ආරම්භ කිරීම, දැනට ක්‍රියාත්මක කරන ව්‍යාපාරය සමාජ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම යන අංශ කෙරෙහි අවධානය යොමු කර තිබේ.

බ්‍රිතාන්‍ය කවුන්සිලයක්‍රියාත්මක කළ ව්‍යාපාර හා ආයෝජන පෙරහුරු වැඩසටහනේ පළමු අදියරට ඉන් 188 දෙනෙකු තෝරාගැනුණි. එසේ තෝරාගත් නවක සමාජ ව්‍යවසායකයින්ට තම ව්‍යවසාය කටයුතු වැඩිදියුණු කරගැනීමට මෙන්ම තම ආයතන ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නායකත්ව හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා වටිනාපුහුණු හා උපදේශන අවස්ථා හිමිවිය.

බිබිල බඩල්කුඹුර ප්‍රදේශයේ සිට වැඩසටහනට එක්ව සිටි එස්.එම්. ප්‍රේමදාස මහත්මිය පුහුණු වැටසටහන හා බැඳුණුතම අත්දැකීම් බෙදාගත්තේ මෙලෙසිනි. “වසර 11ක් තිස්සේ මම ව්‍යාපාර කටයුතුවල නියැළිලා ඉන්නවා. නමුත් ව්‍යාපාරය හරහා සමාජයට සේවයක් කරන්නේ කොහොමද කියලා මට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මේ පුහුණු වැඩසටහන හරහා සමාජයට සේවා සැලසීම සඳහාත්,මගේ ආයතනයට ප්‍රජා පාදක අරමුණු සම්පාදනය සඳහාත් අවශ්‍ය මඟපෙන්වීම ලැබුණා”ප්‍රේමදාස මහත්මිය ප්‍රකාශ කළාය.

දෙවැනි අදියර යටතේ දිස්ත්‍රික්ක හතරෙන් ම වැඩි විභවතාවක් පෙන්නුම් කළ සමාජ ව්‍යවසායකයින් 55 දෙනෙකු තෝරා ගැනුණි. මෙහිදී තම ව්‍යාපාරය සමාජ  ව්‍යවසායක් බවට පරිවර්තනය කිරීම සඳහා, ව්‍යාපාරයේ සමාජ දැක්ම සහ මෙහෙවර හඳුනාගැනීම, වර්ෂයක් සඳහා සමාජ ව්‍යාපාර සැලැස්ම සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.

මේ අතර බ්‍රිතාන්‍යකවුන්සිලයේ වැඩසටහන් අංශ ප්‍රධානී සංජීවනී මුණසිංහ මහත්මිය ප්‍රකාශ කළේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි නිරත කාන්තාවන් මෙන්ම තරුණ පිරිස ද ආර්ථික හා සමාජීය ගැටලුවලට මුහුණ දී සිටින බව ය. “විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නියුතු කාන්තා සහ තරුණ ව්‍යවසායකයින්ට තම සේවා පරිසරය තුළ කාර්යක්ෂමතාව හා කාර්යසාධනය ඉහළ නංවාගැනීමටත්, අවසාන වශයෙන් කැපීපෙනෙන වෙනසකට හේතුවන සමාජ ව්‍යවසායකයින් පිරිසක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරගැනීමටත් මෙම වැඩසටහන හරහා අවස්ථාව උදාවන බව විශ්වාසයි” ඇය වැඩිදුරටත් පැවසුවාය.

Visits: 93