cse හි ඇනවුම් දෙකක් අතර මිලෙහි අවම අගය (Tick size) අද සිට වෙනස් වේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ස්වයංක්‍රීය වෙළෙද පද්ධතියෙහි සිට ගනුදෙනුවන කොටස් ප්‍රමාණය සදහා අදාළ වන ඇනවුම් දෙකක් අතර මිලෙහි අවම අගය (Tick size) වෙනස් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇතැයි පවසයි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි අනුමැතිය ඇතිව මෙම වෙනසට පහසුකම් සැලසීම සඳහා කොළඹ කොටස් හුවමාරුව විසින් අවශ්‍ය නීති රීති වෙනස්කම් සිදුකර ඇත.

ඒ අනුව මෙම වෙනස්වීම පහත අයුරින් දැක්වෙයි.

කොටසක වටිනාකම (රු) ඇනවුම් දෙකක් අතර මිලෙහි අවම අගය (Tick Size) (රු)
වටිනාකම 100 සහ ඊට අඩු 0.10
වටිනාකම 100ට වැඩි 0.25

මෙම වෙනස්වීම 2021 ජනවාරි 08 වන දින (අද) වෙළෙද ගනුදෙනු දිනයදා සිට බලපැවැත් වෙන බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි.

මෙම වෙනසට පහසුකම් සැලසීම සඳහා 2021 ජනවාරි 7 වන දින සිට වෙළෙඳ ගනුදෙනු අවසන් වන විට කොළඹ කොටස් හුවමාරුව විසින් ස්වයංක්‍රීය වෙළෙද පද්ධතියෙහි ඉතිරිව ඇති සියලුම ඇණවුම් අවලංගු කිරීමක්ද සිදු කර තිබේ.

මීට අමතරව, ස්වයංක්‍රීය වෙළෙද පද්ධතිය මත ඇණවුම් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීම සඳහා 2021ජනවාරි 08 වන දින විවෘත වෙන්දේසි කාලය පෙරවරු 10.15 සිට පෙරවරු 11.00 දක්වා දීර් ඝ කර තිබූ බවත් සඳහන් වෙයි.

Views: 151