කස්තුරි චෙල්ලරාජා තම භාරයේ තිබූ හේමාස් කොටස් 25,000ක් විකුණයි
හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරිය ලෙස කටයුතු කරන කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය, තමන් භාරයේ තිබූ එම සමාගමේ කොටස් අලෙවි කිරිමක් සිදු කර ඇතැයි පවසයි.
මෙහිදී කොටස් 25,000ක ප්‍රමාණයක් අලෙවි කර ඇති අතර, කොටසක වටිනාකම රුපියල් 99.00 කි. ඒ අනුව ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් 2,475,000 ක් වෙයි.
කස්තුරි චෙල්ලරාජා මහත්මිය ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන කැපිටල් එලයන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම වෙත මෙම කොටස් ප්‍රමාණය හිමිව තිබී ඇත.
ඒ අනුව 2021 ජනවාරි 05 වැනිදා කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගමේ පරිපාලිත සමාගමක් වන කැපිටල් එලායන්ස් ලිමිටඩ් මගින් තමන් සතුව තිබූ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි මෙම කොටස් 25,000 අලෙවි කිරීමක් සිදු කර තිබෙන බව හේමාස් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දන්වා තිබේ.

Hits: 289