මහ බැංකුවේ 70 වැනි සංවත්සරයට රුපියල් 20 සමරු කාසියක් නිකුත් කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 70 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් සමරු කාසියක් නිකුත් කිරීමට ඊයේ (2020 දෙසැම්බර් 31) වැනිදා කටයුතු යෙදීය. රුපියල් 20ක වටිනාකමින් යුත් මෙම කාසිය සංසරණය සඳහා නොවන සමරු කාසියක් ලෙස නිකුත් කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/Press-release-Rs-20-Sinhala-3.jpg)
ඒ අනුව මහ බැංකුවේ 70 වැනි සංවත්සරය සංකේතවත් කරමින් පැති හතක් සහිතව මෙම කාසිය නිර්මාණය කර තිබේ. එහි දාරය පැතලිය. ලෝහය ලෙස ඇලුමිනියම් – ලෝකඩ යොදා ගෙන ඇත. කාසියේ විශ්කම්භය මිලිමීටර් 28ක් වන අතර ඝනකම මිලිමීටර් 2කි.
මෙහි පළමු සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා අතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් පිලිගැන්විම සිදු කෙරී ඇත.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/Press-release-Rs-20-Sinhala-4-1024x625.jpg)
මෙම සමරු කාසිය තථ්‍යතා සහතිකය සමග ආකර්ෂණීය බහාලුමක නිකුත් කෙරෙන බව මහ බැංකුව පවසයි. කාසි 3,000ක සීමිත නිකුතුවක් ලෙස නිකුත් වන මෙම සමරු කාසියක වටිනාකම රුපියල් 1,300 කි.
කාසිය කොළඹ 1 චැතැම් වීදිය, අංක 24, සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ල යන ස්ථානයේ පිහිටි ආර්ථික ඉතිහාස කෞතුකාගාරය සහ අනුරාධපුරය, මාතලේ, මාතර ත්‍රිකුණාමලය හා නුවරඑළිය පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා මිලදී ගත හැකි බවත් මහ බැංකුව සඳහන් කරයි.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/134062091_1810114119153895_6816906116488532157_o-1024x638.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 115