LOLC සිලෝන් ප්‍රොපර්ටි හෝල්ඩිංග්ස් ලෙස නව සමාගමක්?
LOLC සමූහ සමාගම මගින් LOLC සිලෝන් ප්‍රොපර්ටි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම නමින් දේපළ වෙළෙඳාම් හා සම්බන්ධ නව සමාගමක් පිහිටුවා ඇතැයි වාර්තා වෙයි.
සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 30 වැනිදා දක්වා මෙරට තුළ ලියාපදිංචි කෙරුණු සමාගම් පිළිබඳ ලැයිස්තුවේ මෙම සමාගම පිළිබඳව තොරතුරු ඇතුළත් වෙයි.
ඒ අනුව 2020 නොවැම්බර් 04 වැනිදා මෙම LOLC සිලෝන් ප්‍රොපර්ටි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම පිහිටුවා තිබේ. එහි ලියාපදිංචි ලිපිනය ලෙස දැක්වෙන්නේ LOLC සමූහ සමාගම පිහිටි අංක 100/1 ශ්‍රී ජයවර්ධන පුර මාවත, රාජගිරිය යන්නයි.

Hits: 609