දෙසැම්බර් 26 සිට විදේශයන්හි සිට පැමිණීමේදී කොන්දේසි මෙන්න

ශ්‍රී ලංකාව විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පිළිවෙත දෙසැම්බර් 26 වැනිදා සිට සංශෝධනය කිරීමට කටයුතු යොදා ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි. එහිදී මෙතෙක් කලක් පැවැති ක්‍රමවේදය COVID-19 වසංගතය නිසා පසුගිය මාර්තු මාසයේ සිට හඳුන්වා දුන් ක්‍රමය බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

විශේෂයෙන්ම ආර්ථික පුනර්ජීවනය හා දිළිදුකම පිටුදැකීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ එකඟතාව සහිතව, විදේශ අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එළැඹුණු ඒකාබද්ධ තීරණය මත පදනම්ව මෙම සංශෝධන ක්‍රියාත්මක වෙයි.

මෙහිදී ආපසු පැමිණෙන  ශ්‍රමිකයන්, සිසුන්, රෝගීන්, කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන්, රජයේ සහ හමුදා නිලධාරීන්ට මෙරට තුළ රජයේ නිරෝධායන පහසුකම් ලබාදීම යටතේ සියරට පැමිණවීමේ ගුවන් ගමන් සංවිධානය කරන බවත්, වෙනත් ශ්‍රී ලාංකිකයන් හෝ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විදේශිකයන් (ද්විත්ව පුරවැසිභාවය දරන්නන්) නම් කරන ලද හෝටලයකදී මුදල් ගෙවා නිරෝධායනය වීමට කැමැත්ත පළ කරමින් අදාළ ගුවන් යානා වෙත ගොඩවීම අනිවාර්යය බවත් විදේශ අමාත්‍යාංශය දැනුම් දී තිබේ. එසේ නොමැති වුවහොත් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසරය නොදෙන බවත් පැවසෙයි.

අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

Views: 168