පිරාමාල් ග්ලාස් සිලෝන්හි කොටස් 56.45% ක් ඉන්දියාවේ ප්‍රිස්ටීන් ග්ලාස් වෙත අලෙවි කිරීමට යයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගමේ කොටස් මිලියන 536.ක් එනම් 56.45%ක කොටස් ප්‍රතිශතයක් ඉන්දියාවේ ප්‍රිස්ටීන් ග්ලාස් ලිමිටඩ් සමාගම වෙත අලෙවි කිරීමට සිය අධ්‍යක්ෂ මණ්ඩලය එකඟතාව පළ කළ බව පිරාමාල් ග්ලාස් සිලෝන් සමාගම පවසයි.
ඉන්දියාවේ පිරාමාල් සමූහයට අයත් වීදුරු නිෂ්පාදන සමාගමක් ලෙස පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී ක්‍රියාත්මක විය. මෙහිදී එම සමාගමේ පිරාමාල් ග්ලාස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත අයත්ව තිබූ කොටස් 536,331,880 ක් මෙලෙස අලෙවි කෙරී ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම ඉන්දියානු රුපියල් බිලියන 5.16ක් එනම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 13 කි.
ඒ අනුව පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම මෙම අලෙවි කිරීමේ සහ මිලදී ගැනීමේ ගනුදෙනුව ඉන්දියාවේ පිරාමාල් ග්ලාස් ප්‍රයිවට් ලිමිටඩ් සහ ප්‍රිස්ටීන් ග්ලාස් ප්‍රයිවට් ලිමිටඩ් අතර සිදු කළ බව පවසා සිටියි.
මෙහිදී අදාළ ගනුදෙනුව යටතේ පැමිණ ඇති එකඟතාව අනුව සමාගමේ පවතින ණයගැතිභාවය, ශුද්ධ ණය සහ කාරක ප්‍රාග්ධන ගැලපීම් ගණනය කිරිම සඳහා වන එකඟතාවක්ද ඊට ඇතුළත් බවත් පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම පවසයි.
කෙසේ වෙතත් මෙම ගනුදෙනුව සම්පූර්ණ කිරීම සඳහා පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී, පිරාමාල් ඉන්දියා ලිමිටඩ් සහ ප්‍රිස්ටීන් ග්ලාස් ලිමිටඩ් යන සමාගම් අතර සෑහීමකට පත්විය යුතු කොන්දේසි කිහිපයක්ද පවතින බවත් පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Hits: 314