සිංගප්පූරු ගුවන් සේවය අද සිට කොළඹට

සිංගප්පූරු ගුවන් සේවය අද සිට කොළඹ වෙත සිය ගුවන් ගමන් ආරම්භ කරන බව පවසයි. ඒ අනුව මාස නවයක කාලයකට පසුව ගුවන් සේවය මෙලෙස කොළඹ දක්වා ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පැනවූ සංචරණ සිමා හේතුවෙන් මෙම ගුවන් ගමන් අත්හිටුවී තිබුණි.

සමාගම පවසන ආකාරයට මෙලෙස ඇරඹෙන ගුවන් ගමන් යටතේ අද දිනයේදී සිට සතියට ගුවන් ගමන් වාර හයක් සිදු කිරීමට සැලසුම වී ඇත. සෑම ඉරිදා, අඟහරුවාදා සහ සිකුරාදා දිනවලදී සිංගප්පූරුවේ සිට කොළඹට ගුවන් ගමන් සිදු කරන බවත්, සඳුදා, බදාදා සහ සෙනසුරාදා කොළඹ සිට සිංගප්පූරුව දක්වාත් ගුවන් ගමන් සිදු කරන බවත් පවසයි.

කොවිඩ්-19 වසංගතයට පෙර සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර නවයක් ක්‍රියාත්මක විය.

සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව සිංගප්පූරුවේ සිට පැමිණෙන මෙම ගුවන් යානාවක මගීන් සංඛ්‍යාව 50ක් දක්වා සීමා කෙරී ඇත. එසේම ගුවන් යානා තුළ ගමන් ගන්නා සියලුම මගීන් ඊට පෙර විදේශ අමාත්‍යාංශය මගින් ඒ පිළිබඳව වන අවසරය  ලබා ගත යුතුව තිබේ.

Views: 273